Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


 දින 45ක බිලිදා මරුට 


2024-08-05 14434

 

යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි  තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි


මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිලිදා  සිහිසුන්වූ බව පවසා මව  විසින් බිලිදා අලවෙට්ටි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.අනතුරුව  වැඩි දුර ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා තිබේ.එහිදී බිලිදා මියගොස් ඇත. 


මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ  හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බිලිදා  මියගොස් ඇතිබව යැයි පොලීසිය කියයි. ඒ අනුව  මරණය සම්බන්ධයෙන් බිලිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
 

 [කුමාරි පතිරාජ]

Advertiesment