නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වහාම වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු නීති විරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවත් ඉන් 40 දෙනකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිදහස් කර ගැනීමට හැකිව ඇති බවත් රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.
මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පවතින සයිබර් අපරාධ ප්‍රදේශයේ තවමත් ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු කොටුවී සිටින බවත් ලේකම්වරයා පවසයි.
මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අමාත්‍යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ද රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
[කුමාරි පතිරාජ]
Lanka Newsweek © 2024