කුවෙට්හි දී අගෝස්තු [ 2] වැනිදා අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි,
කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස අගෝස්තු [3] වැනිදා රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි..
ඔවුන් අගෝස්තු [2] වැනිදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුනේ 'එතෙර අපි නැමැති සංවිධානය' මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදීය
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.මේ ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබුණි
කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්ඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
Lanka Newsweek © 2024