Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මේ මොහොතේ සිතිය යුත්තේ රට ගැන විනා එක පවුලක්‌ ගැන නොවේ 


2024-08-04 14362

 

බන්දුල ගුණවර්ධනත් ජනපතිට 

 

දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි 

 

රට ගොඩනගා පක්ෂය ගැන පසුව බලමු 

 

මේ මොහොතේ සියලු දෙනා සිතිය යුත්තේ රට-ජනතාව ගැන විනා එක පවුලකගේ හෝ එහි සිටින එක සාමාජිකයෙකුගේ දේශපාලන අනාගතය ගැන නොවේ යැයි ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

රට ගොඩනගා ජනතාව සවි බල ගැන්නුවාට පසුව ඕනෑම අයෙකුට නැවතත් සිය දේශපාලන පක්ෂය ගැන සිතිය හැකි යැයි ද, දේශපාලනය කිරීමටත් රටක් ඉතිරි වී තිබිය යුතු යැයි ද, ජනාධිපතිවරයා යන මේ ගමන යළි ආපස්සට හැරෙව්වොත් සිදු වන්නේ රට යළි බංකොලොත් වී ජනතාව අනාථ වීම යැයි හෙතෙම අනතුරු ඇඟවයි.

එම නිසා ජනාධිපතිවරණය සඳහා කිනම් දේශපාලන පක්ෂයකින් කිනම් අයෙකු ඉදිරිපත් කළත් තමා ද, තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ සහ හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාව සිය සහය ලබා දෙන්නේ අඳුරින් රට ඒකාලෝක කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණ යැයි බන්දුල ගුණවර්ධන මහතා තරයේ අවධාරණය කර සිටියි.

රටට-ජනතාවට ආදරය කරන, දේශපාලන, පාට ජාති සහ ආගම් භේදයෙන් තොර සියලු ජනයාගේ යුතුකම, වගකීම සහ කාර්ය භාරය වන්නේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරවීම යැයි ද මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි. 

Advertiesment