නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වට දේශපාලන පක්ෂ, ජාති සග ආගම් භේදයෙන් තොරව ඕනෑම අයෙකුට එකට ඒකරාශී විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
මේ මොහොතේ ආරක්ෂා කළ යුත්තේ එක පවුලක් හෝ දේශපාලන පක්ෂයක් නොව රට සහ ජනතාව බව කොළඹ දී පවති ප්රවෘත්ති සාකච්ඡාවකට ඒක වෙමින් මේ බව කියා සිටී එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා එහිදී මෙසේ ද පැවසීය,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනපති සටනට නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියා සිටියා. නමුත් එතුමා ජනාධිපතිවරණයට සිය ඇප මුදල් තැන්පත් කරමින් තමා එම සටනට පැමිණෙන බව රටට-ජනතාවට කියා සිටිය. ජනාධිපතිවරණය සඳහා මුලින්ම ඇප මුදල් තැන්පත් කළේ එතුමායි.
.
අපිට අවශ්‍ය රට සහ ජනතාව ජයග්‍රහණය කරවීමටයි. බංකොල්ලොත් භාවය නිසා රට-ජනතාව අනාථ වී සිටී රට ජනාධිපතිවරයා යළි ගොඩනග තිබෙනවා. මේ වන විට මහා මාර්ග ඇතුළු යටි තල පහසුකම් සංවර්ධනය වෙමින් පවතිනවා. ජනතාවට වැඩ සිය දෛනික වැඩ ආරම්භ කරලා. එසේ නම් අත්හදා බැලීම් සිදු කරමින් රට ආපස්සට හරවා රට යළි බංකොලොත් කරනු එපා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උදව් කරනවා. අපට අද වන විට විදේශීය සහ දේශීය ණයකරුවන්ට ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට හැකි වී තිබෙනවා. මේ ශක්තිය, ධෛර්ය සහ බලය අපට ලබා දුන්නේ මේ රටේ ජනතාවයි. යුද ජයග්රහණයයේ වගේම ජනාධිපතිවරයා කළ ආර්ථික යුද්ධයේ ජයග්‍රහණයේ ගෞරවය ඔහුට හිමි විය යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව ජාත්‍යන්තරව සියලු රටවල් එක්ක මිත්රශීලීව වැඩ කටයුතු කරමින් රට සංවර්ධනය කිරීමයි. මේ ගමන ඉදිරියට යන්න නම් රට-ජනතාව ගැන සිතන, උගත්එ, බුද්ධිමත්ක, හැකියාවක් සහ කාර්ය ශුර සියලු දෙනා එකට ඒකරාශී විය යුතුයි.
සියලු දෙනාගේ සහය අපට ලැබෙනවා. අපට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ ජනතාවක් ලෙස විනා පවුලක් හෝ දේශපාලන පක්ෂයක් ලෙස නොවෙයි. "රාජපක්ෂ කඳවුර" සමග සිටින නිසා අපට බලයට එන්න නොහැකි බව සමහරුන් කිව්වත් මේ වන විට අප 90% සීමාවට පැමිණ සිටිනවා. පවුලක් ආරක්ෂා කරනවා කිව්වත් මේ වන විට ඒ පවුලේ හුළං බැහැලා.
පළපුරුද්ද, දක්ෂතාවය සහ හැකියාව මත ශ්‍රී ලංකාව ලෝකයට එකතු කළ යුතු කාලය එළැඹිලා."රනිල් රාජපක්ෂ" කියා ජනාධිපතිවරයාට සමගි ජන බලවේගය එල්ල කළ චෝදනා සියල්ල මේ වන විට පුස්සක් වෙලා. එතුමා එන්නේ න්ර්පක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙසයි. එම නිසා එතුමා සමග එකට ඒකරාශී වීමට සියලු දෙනාට හැකියාව ලැබී තිබෙනවා.
Lanka Newsweek © 2024