Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


 රටේ නායකයා රට වෙනුවෙන් කැපකිරීම් කලයුතුයි. 


2024-08-02 14456

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ  බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් වැඩ කරන ජනතාව මෙන්ම සුපිරි ධනවතුන්ද කැපකිරිම් කළ යුතු බවට තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තමන් මෑත දිනයකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී රටේ සිදුවිය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව කුරුණැගලදී අමතමින් ඔහු පැවසිය.

මේ  වන විට විවිධ ප්‍රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් ඇති බවත් විහරස්ථාන පද්ධතිය රැකගන්න විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කර විහාරස්ථාන දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment