ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් පසු කිසිවෙකුය ඒ ගැන කතා කිරීමට හෝ විවේචනය කිරීමට හෝ සාකච්ඡා කිරීමට නොහැකි බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සටකපට උප්පරවැට්ටි යොදා සිය ජනාධිපතිකම රැක ගන්න උත්සාහ කරන බවත් කතානායකවරයා විනිසුරුවන් සමඟ සාකච්ඡා කිරීම සදාචාර සම්පන්න නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
මැතිවරණ කල් දැමීම නුසුදුසු යැයි ද, පොලිස්පතිවරයා පත් කිරිම බරපතළ ගැටලුවක් වී ඇති ඇතැයි ද, කතානායකවරයා සහ අග විනිසුරු සාකච්ඡා කර මේ ගැටලු විසඳා ගත යුතු යැයි ද යනුවෙන් ආණ්ඩුව අරුම පුදුම කතා කියන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
මේ රටේ උත්තරීතර නීතිය සමඟ සෙල්ලම් නොකර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයට, අගමැතිවරයාට, කතානායකවරයාට සහ කැබිනට් මණ්ඩලයට කියන බවත් ජනාධිපතිවරයා මුලින්ම ඇප බැන්දේ උප්පරවැට්ටියකට බවත් ඔහු අපේක්ෂකයෙක් නිසා පොලිස්පති පත් කරන එකට ඇගිලි ගහන්න නොහැකි යැයි කිව හැකි වුවත් එවැනි තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු වගකීම් ඇති බවත් ඒවා ඔහු ක්‍රියාත්මක නොකරන්නේ නම් වෙන ජනාධිපතිවරයකුට එම වගකීම් ඉටු කිරීමට ඉඩ සලසා ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට මේ කරුණු කාරණා පැහැදිළි කර දුන්නේ මොණරාගල පැවැති ගොවි ජන සමුළුව අමතමිනි.
අද රටේ ක්‍රියාත්මක වන්නේ සටකපට විනාශකාරී කෲර මෘග පාලනයක් බවත් මේ පාලනය යටතේ ගොවියා සහ ධිවරයා විනාශ කර ජනාතාව දුප්පත් කර මන්ද පෝෂණය වැඩි කර ලක්ෂ 220 ජනතාව අනාථ කර ඇති අතර මේ තත්ත්වය යටතේ ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීම වළක්වන්න ආණ්ඩුව විවිධ කූට දේශපාලන ගනුදෙනු (Deal) සිදු කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්නොත් ලක්ෂ 220 ජනතාව ආරක්ෂා, කර හොරු අල්ලා, ඔවුන් හොරා කෑ මුදල් නැවත රටට පවරා ගන්නා නිසාත් රට බංකොලොත් කළ අයට අධිකරණය හමුවේ උත්තර බදින්නට සිදු වන නිසාත් මොවුන් බිය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිර භාරයේ සිටින අවස්ථාවේ ආණ්ඩුවේ අය පැමිණ ඇය සමග විවිධ "Deal" දැමිමට උත්සාහ කළත් ඇය ඒ කිසිවකට හසු නොවූ බවත් කිසිදු දේශපාලන "Deal" එකකට හසු නොවී ඇය නීතියට ගරු කළ බවත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ විවිධ කූට මුදල් ගනුදෙනු සිදු වන බවත් මේ "Deal" සිදු කරන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩුවේ බලය පවත්වා ගැනීමට බවත් සමගි ජන බලවේගය මෙවැනි "Deal" කිසිවක් නොදමන බවත් ජනතාවගේ කැමැත්තට සෑම අවස්ථාවකම හිස නමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එබැවින් දූ දරු පරපුර, ගම සහ නගරය ගැන සිතා පරමාදර්ශී නායකත්වයක් රටට පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ රට දියුනු කරන්නට වැඩිම කැපවීමක් කරන නායකයා යන විරුදාවලිය තමා දිනා ගන්නා බවත් ඒ සඳහා හයිය සහ අනුග්‍රහය අපේක්ෂා කරන බවත් පක්ෂ ආගම් ජාති කුලමල පන්ති භේද නොසලකා තමා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
Lanka Newsweek © 2024