රටේ පැවති අඳුරු යුගය නිමවා රට ඒකාලෝකවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද, ඒ වෙනුවෙන් ඔහුට කෘත ගුණ දැක්වීම හෙළයන්ගේ යුතුකම සහ වගකීම වන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
රට-ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්නවලට තිබෙන එකම සහ අවසාන විසඳුම රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද, ඔහු රට භාර ගත්තේ බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට යැයි ද, ඒ වගකීම, කාර්ය භාරය සහ යුතුකම ඔහු රට වෙනුවෙන් මේ වන විටත් ඉටු කර ඇතැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
විදේශ ආදායම් උපයා රට දියුණු කර, ජනතාව සවි බල ගැන්වීමේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට යමින් තිබෙන්නේ යැයි ද, ජේ ආර් ජයවර්ධන මහතාගෙන් පසුව රටේ මෙවැනි සාධනීය පෙරළිය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඔහු සියලු ජාතීන්ගේ සහ ආගමිකයින්ගේ ගැළවුම්කාරයා වන නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණ සටන විජයග්‍රහණ කරන්නේ යැයි ද හෙතෙම අවධාරණය කර සිටියි.
විධිමත් සහ එක ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා යුතු යැයි ද, ඒ වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය පරාජය කළ යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
Lanka Newsweek © 2024