ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය වෙනුවෙන්, සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනඟන සමගි ජන සන්ධානය 2024 අගොස්තු මස 8 වැනිදා එළිදක් වන බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සහ ප්‍රබලතම දේශපාලන සන්ධානය වන සමගි ජන සන්ධානය සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුට අධික පිරිසක් එකට ඒකරාශී වී සිටින බව සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
රට-ජනතාව මුහුණ දී සිටින සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දී බංකොලොත් භාවයෙන් රට මුදවා ගෙන සංවර්ධනය කරා ගෙන යන සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව සහ වැඩ පිළිවෙළ එහිදී රට හමුවේ තබන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියි.
සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් නියෝජනය වන පරිදි ගොඩනගා ඇති සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනට එලඹ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නා බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියි.
Lanka Newsweek © 2024