Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


Digital රටක් ගැන කතා කරන ආණ්ඩුව තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශයෙන් ඉවත් කරලා 


2024-07-23 14490

 

සෞදර්ය විෂයත් හලලා 

 

මේ අමනොඥ තීන්දු ගන්නේ කවුද..? 

 

2006 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කෙරෙන ප්‍රධාන විෂයන් 7 සඳහා ඉදිරිපත් කර නැති බවත් ශ්‍රී ලංකාව "Digital" කරණය කිරීම සඳහා කටයුතු කරන මොහොතක මෙවැනි අමනෝඥ තීන්දු තීරණ නොගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව තොරතුරු සහ සන්නිවේදන විෂය ඇගයීම් මණ්ඩල හරහා පමණක් විෂය තෝරා ගන්නා සිසු දැරි දැරියන්ගේ ඇගයීම් සිදු කරන බවත් එම විෂය සාමාන්‍ය පෙළ විභාග සහතිකයට ඇතුළත් නොකිරීමට තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

පරිවර්තනාත්මක තාක්ෂණික යුගයක් ක්‍රියාත්මක වන මොහොතක තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එමෙන්ම සෞන්දර්ය විෂය සංවේදී ශිෂ්‍යයෙකු බිහි කිරීමට ඉවහල් වන විෂයක් බවත් එම විෂයත් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් සෞන්දර්ය විෂය ඔස්සේ සුන්දර පුරවැසියා සහ සුන්දර තාරුණ්‍ය නිර්මාණය කිරීමට ඉවහල් වන බවත් මෙම විෂයන් ඉවත් කිරීම පිළිබඳව රජය නැවත අවධානය යොමු කළ යුතු බවත් මෙම අමනෝඥ ක්‍රියාව ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවැසීය.

Advertiesment