Sunday 13th of October 2024

English Tamil
Advertiesment


රූපවාහිනී සභාපති මැතිවරණ කොමිසමේ උපමාන කුණු කුඩයට දමයි


2024-07-21 14438

 

ජාතික රුපවාහිනියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ජාතික මැතිවරණ කොමිසමේ උපමාන සියල්ල පසෙක තබා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තිය සමිතියේ අවශ්‍යතාව මත අනීතිකව කලකට පෙර අයදුම්පත් කැදවූ අයවලුන්ට සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉදිරි සතියේ තනතුරු ලබා දීමට සූදානම් වන බවට වෘත්තීය සමිති ක්‍රියාකාරීහූ චෝදනා කරති.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවශ්‍යතාව මත මේ බඳවා ගැනීම් සිදු කරන බව ජාතික රූපවහිනීයේ  සභාපති  මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කියා සිටියත් අමාත්‍යවරයා කියා සිටිනවා යැයි කියන්නේ ඒ ගැන ඔහු කිසිවක් නොදන්නා බවය. 

නව පත් කිරීම් ජනපතිවරණ නිල ප්‍රකාශය නිකුත් කිරීමට පෙර සිදු කිරීමට සියලු වෙර දරන සභාපතිවරයා ආයතනයේ මුල්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර රුපවාහිනියේ සිටින නම ගිය නීලකාස හොරුන් නැවත වරක් සුපුරුදු සිය දූෂණ, වංචා සහ අක්‍රමිකතාවල යෙදී සිටින බවට සේවක සේවිකාවෝ චෝදනා කරති.

තවද  පසුගිය සතිය පුරාවට පුහුණු වන නිලධාරීන් ලෙස දස දෙනෙකු පමණ බදවා ගෙන ඇති අතර සියලු දෙනා සභාපතිගේ ගමේ වීම විශේෂ සිදු වීමක් බව ද කියති. රූපවාහිනියේ කලක සිට පැවති ඒකකවල ස්ථාන මාරු කරමින් ඒවා නැවත සකස් කිරීමට අති විශාල මුදලක් යට කරන අතර කිසිදු ආකාරයක වැඩ සටහන්වල ගුණාත්මක භාවයක් ඇති  නොකර නිකරුණේ මුදල් නාස්ති කරන බවට ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. 

Advertiesment