ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඇති කර තිබෙන ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික ස්ථාවරත්වය නිසා නැවතත් විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින අතර රට ලෝකයට එක් වෙමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
රටේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට විශාල සහයෝගයක් ලබා දෙන ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් නව ජංගම යෙදුමක් ද ඉදිරි දින කිහිපයේ දී එළිදැක්වීමට කටයුතු කරන බව ද රවී කරුණානායක මහතා සඳහන් කළේය.
දේශපාලන පක්ෂ, ජාති සහ ආගම් භේද අනුව ක්‍රියා කරමින් රටක්-ජාතියක් ගොඩනැගිය නොහැකියි පෙන්වා දුන් රවී කරුණානායක මහතා රට ගොඩනැගීම සඳහා මේ මොහොතේ සියලු ජාතීන්, සියලු ආගමිකයින් සහ සියලු දේශපාලන ක්‍රියාකාරීන් ජනතාව වෙනුවෙන් එක පවුලක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වටා එකට ඒකරාශී විය යුතු යැයි ද අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන ශාලාවේ දී පැවති වෘත්තීය ත්‍රිරෝද රථ සහ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"අද රට නිසි මාර්ගයක ගමන් කරමින් සිටින නිසා වෘත්තීය රියැදුරන් වශයෙන් ඔබ සංගම් කිහිපයක් එකතුව නව ප්‍රවාහන සංගමයක් පිහිටු වනු ලැබුවා. එක් ආර්ථික ප්‍රතිපත්තියක් මත මේ රට ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍යයි. එදා මේ රටේ පෝළිම් යුගයක් පැවතුණා. එක පිරිසක් උදෑසන පෝලිම්වල හිටියා. තවත් පිරිසක් සවස පෝලිම්වලට එකතු වුණා. තවත් අය රාත්‍රියට පෝලිමට ගියා. මේ අතර තවත් කිහිප දෙනෙක් පෝලිම්වල සිටියදී මිය ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාර ගනු ලැබුවේ එවන් වූ අඳුරු රටක් බව සිහිපත් කළ යුතුයි. අද එතුමා රට නිවැරදි දිශාවකට ගෙන යමින් සිටිනවා.
ලක්ෂ 8කට වැඩි පිරිසක් ත්‍රිරෝද රථ වෘත්තියේ නිරතව සිටිනවා. රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔබ පසුගිය කාලයේ විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ත්‍රිරෝද රථ වෘත්තීය නියාමනය කළ යුතුව තිබෙනවා. රටේ පවතින ස්ථාවරත්වය නිසා නැවතත් විදෙස් සංචාරකයන් අප රටට පැමිණෙමින් සිටිනවා. රටේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ත්‍රිරෝද රථ රියැදුරන් විශාල සේවයක් ඉටු කරනවා. ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ද ඉදිරි දින කිහිපයේ දී එළිදැක්වීමට ද අප බලාපොරොත්තු වෙනවා."
Lanka Newsweek © 2024