Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රාජ්‍ය ආදායම සියයට හතළිස් තුනකින් වැඩි වෙලා 


2024-07-19 14376

 

2024 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 29.3%ක් ආවරණය කරලා  

 

2023 වර්ෂයේ මුල් මාස හතරේ දී රජය ලැබූ රුපියල් බිලියන 821.3 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හතරේ දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1218.1 දක්වා එනම් 43.3%කින් වැඩිවී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. 

එමෙන්ම 2024 වර්ෂය සඳහා වන රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 29.3%ක් දැනටමත් ළඟා කර ගෙන ඇතැයි ද, එම තත්ත්වය 2023 වර්ෂයේ එම කාල රාමුවට සාපේක්ෂව රුපියල් බිලියන 396.7ක වර්ධනයක් බව ද මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි. 

මෙම කැපී පෙනෙන වර්ධනයට හේතු වී ඇත්තේ 2022 වර්ෂයේ ජූනි මාසයේ සිට හඳුන්වා දුන් පුළුල් බදු ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග, ආදායම් පරිපාලනයේ ක්‍රමික කාර්ය සාධනය, 2023 වර්ෂයේ තෙවැනි කාර්තුවේ සිට ධනාත්මකව සිදු වූ ආර්ථික වර්ධනය සහ ආනයනය සීමා කිරීම් ක්‍රමිකව ඉවත් කිරීම් ඇතුළු ක්‍රියා මාර්ග බව ද එම අමාත්‍යංශය කියයි.


 

Advertiesment