සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න දැන් සජබෙට ද්‍රෝහියෙක්.රාජිත දැන් සජබ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක්.සජබ මඩ බලකායේ ගොඳුරක්.ඉතිහාසයේ රාජිත කරපු කියපුවා ගැන දැන් ඇදලා ගහනවා.රාජිත දැන් ජවිපෙට විතරක් නෙවෙයි සජබෙටත් " ප්‍රා " කාරයෙක්. හොරෙක්, දූෂිතයෙක්.දේශපාලන ගණිකාවක්.රටේ රාළට රාජිතත් එක්ක ලොකු දේශපාලන සම්බන්ධයක් නෑ.හැබැයි මෙතනදී අපට සජිත්ගෙන් සහ රාජිතගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනවා.
රාජිතගෙන් අහන්න තියෙන්නේ ඔයා සජබෙට ගන්නකොට ඉන්ටවිව් එකක් කරලා නෙවෙයිද ගත්තේ කියලා.සජිත්ගෙන් අහන්න තියෙන්නේ මොකද්ද මේ දෙබඩි පිලිවෙත කියලා.රාජිතට " ප්‍රා " කාරයා කියන චෝදනාව එල්ල වෙන්නේ 88/89 ජවිපෙ සන්නද්ධ අරගලයට අදාලව.ඒ වගේම රාජිතට එල්ල වෙන අනිත් චෝදනා සියල්ලත් 2019 ට පෙර උන ඒවා.හරි අපි හිතමු,ඒ චෝදනා සියල්ල ඇත්ත කියලා.එහෙම නං එහෙම චෝදනා තියෙන රාජිතව සජබෙට ගත්තේ ඇයි?
ඇයි රාජිත කළුතර දිස්ත්‍රික් සජබ නායකයා කළේ. ඇයි රාජිත සජිත්ගේ ජනාධිපතිවරණ වේදිකාවේ සහ සජබ මහ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයෙක් කළේ.ඇයි ඔච්චර නරක රාජිත ඒවට Use කළේ. සජිත්ගේ ජයග්‍රහණයට මහන්සි වෙනකොට රාජිත හොඳයි.සජබයට අභියෝගක් වෙනකොට රාජිත හොඳ නෑ.ඇත්තටම ඔය තත්වය සජබෙ විතරක් නෙවෙයි හැම දේශපාලන පක්ෂයකම තියන කාලකණ්ණි ලක්ෂණයක්.
මොන වැරැද්ද කලත් තමන්ගේ පක්ෂයේ කෙනෙක් නං එයා හොඳයි.මොන හොඳ කලත් තමන්ගේ පක්ෂයේ නෙවෙයි නං එයා වැරදියි. තමන්ගේ පැත්තේ ඉඳන් කරන වැරදි පේන්නේ මිනිහා පක්ෂය දාලා ගියාට පස්සේ.ඇත්තටම වෙන්න ඕනි තමන්ගේ පක්ෂයේ කවුරු මොන වැරැද්ද කලත් ඒක වැරදි කියලා දකින එකයි. මොන පක්ෂයක උතන් කවුරු හොඳක් කරනවා නං ඒක අගයන්නත් කොන්දක් තියෙන්න ඕනි.
අද වෙනකොට තියෙන්නේ පක්ෂ සීමාවලින් විතරක් නෙවෙයි ජාතික සිමාවලිනුත් ඔබ්බට ගිය ගෝලීයව හිතන සමාජයක්.එහෙම තියන ලෝකයක මේ රටේ දේශපාලන පක්ෂ තවමත් වැඩවසම්කම කරපින්නගෙන යනවා.අපේ රටේ දේශපාලන නායකයොත් බහුතරය පට්ට වැඩවසම්.මාලිමාවේ මඩ බලකාය,සජබෙ මඩ බලකාය,පොහොට්ටුවේ මඩ බලකාය කියන්නේ ඒ පහත් දේශපාලන සංස්කෘතිය ඇතුලේ ගිළුණු ධාරාවන් තුනක්.
අනිත් ඒවායෙත් ඒවා අඩු වැඩි වශයෙන් තියනවා. රටේ රාළට නං රනිල් වගේම රාජිතත් ඉතිහාසයේ තියලා හම ගහන්න ඕනි නෑ.රාජිතට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව දේශපාලන තීරණයක් ගන්න නිදහස තියෙනවා.ඕනි කෙනෙකුට ඒ තීරණ විවේචනය කරන්න පුළුවන්.හැබැයි රාජිත ගන්න තීරණය හරිද වැරදිද කියන විනිශ්චය දෙන්නේ ඉතිහාසය විසින්.ඔයාලට මතක ඇති 2005 මහින්ද ජනාධිපති වුනාට පස්සේ ආයෙත් යුද්ධය පටන් ගත්තා.
එන්න එන්නම යුද්ධය උග්‍ර අතට හැරුණා.ජවිපෙ මහින්දව යුද්ධයට තල්ලු කරලා මාරුවුනා වගේම ආපිට අද වගේම එදත් රටට කරන්න ඕනි සියලු හතුරුකම් කළා.එදා කොටි සංවිධානය එක්ක යුද්ධ කරමින් හිටිය මහින්දගේ ආණ්ඩුව බිඳවැටීමේ තර්ජණයකට මුහුණ දීලා තිබුණා.ඒ වෙලාවේ එජාප සභාපති කරූ ජයසූරියගේ නායකත්වයෙන් කණ්ඩායමක් මහින්දගේ ආණ්ඩුවට නිශ්චිත කාලයක් සදහා සහය දෙන්න ඉදිරිපත් වුනා.ඒ පිරිස අතර රාජිතත් හිටියා.
ඒ වෙලාවේ ඒ ආණ්ඩුව රැකගැනීම ජාතික යුතුකමක්.එදා ඒ ආණ්ඩුව බිඳ වැටුණා නම් අදත් යුද්ධය තියනවා.එදා රාජිත ආණ්ඩුවට ආවා කියලා රාජිත එයාගේ ස්ථාවරයන් වෙනස් කළේ නෑ.මහින්දගේ ආණ්ඩුව ඇතුලේ ඉඳන් උනත් රාජිත බලය බෙදීමේ ස්ථාවරය නියෝජනය කළා. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරන්න පෙනී හිටියා වගේම රාජිත දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් පෙනී හිටියා.
ජවිපෙ සහ රාජිත අතර ඓයිතිහාසික පස මිතුරුකම ඇති වෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක.ඉන්දු ලංකා ගිවිසුමෙන් අපි මත පටවපු පලාත් සභා ක්‍රමයත් එක්ක.පලාත් සභා කියන්නේ බලය බෙදීමක්.රාජිතලා එදා එයාලගේ දේශපාලනයට අනුව බලය බෙදීමට පක්ෂවුනා. ජවිපෙ එදා බලය බෙදීමට විරුද්ධ වුනා.රටේ රාළත් එදා නියෝජනය කළේ බලය බෙදීමට විරුද්ධ කඳවුර.ඒ වෙනුවෙන් රටේ රාළත් අවි දරපු කෙනෙක්.
එදා රටේ රාළයි රාජිතයි හම්බ උනත් ඉස්සර වෙන කෙනා තමයි දිනන්නේ.හැබැයි එදා බලය බෙදීමට විරුද්ධව හිටපු ජවිපෙ අද නායකයා අනුර.අනුර කියන්නේ ඒ අරගලයේ හිටිය කෙනෙක් නෙවෙයි. දවස් කීපයක් හිටලා ඉන්න බෑ කියලා අඩනකොට කදවුරේ හිටපු සංවිධායක සහෝදරයාගේ අනුකම්පාව නිසා යන්න ඉඩ හැරපු බය ගුල්ලෙක්. ඒ අනුරලා තමයි අද ජවිපෙ අයිතිකාරයෝ වෙලා ඉන්නේ.අනුර උතුරට ගිහින් කිව්වේ පලාත් සභාවලට එහා යන බලය බෙදීමක් ඡාතික ප්රශ්නය විසදන්න ඕනි කියලයි.
අවුරුදු තිස් ගාණකට පස්සේ ජවිපෙ රාජිතගේ ස්ථාවරයට ඇවිත්.එදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කරපු සන්නද්ධ අරගලයෙන් ජවිපෙ සාමාජිකයන් 60000 කුත්,අනෙකුත් පක්ෂවල අය දහදාහකට ආසන්න ප්‍රමාණයක් ඝාතන වුනා.අද ජවිපෙ බලය බෙදීම පිලිගන්නවා.හැබැයි මිට අවුරුදු තිස් තුනකට උඩදී රාජිත ඒ ස්ථාවරයේ හිටලා තියනවා.රටේ රාළ රාජිත සම්බන්ධව එහෙම උදාහරණ දෙක ගත්තේ වෙන මොකකටවත් නෙවෙයි.
දේශපාලනය කියවා ගැනීමේදී රාජිත සජිත්ට සහ අනුරට වඩා ඉදිරියෙන් ඉන්න බව පෙන්වන්න. ඇත්තටම පහුගිය කාලය පුරා අපි මුහුණ දීපු බංකොලොත් තත්වයට සාපේක්ෂව රාජිත හිටපු ස්ථාවරය රටේ රාළත් අනුමත කරනවා.රාජිතගේ සහ රටේ රාළ බළකායේ ස්ථාවරයන් එතනදී සමපාත වෙනවා.ඒ වෙලාවේ අපිට තිබුණේ සියලු දෙනා එකතුවෙලා රට ගොඩගන්න.හැබැයි එහෙම මනසක්වත් හදාගන්න වැඩවසම්කමේ පත්ලටම ගිලිලා ඉන්න සජිත්ටවත් අනුරටවත් බැරිවුනා.
දෙන්නම කිය කියා හිටියේ මට දුන්නොත් මම කරනවා කියලා.හැබැයි දුන්න වෙලාවේ දෙන්නම පැනලා ගියේ සුළු දිය පහවෙවී.රාජිත දිගටම හිටියේ අපි සියලු දෙනා එකතුවෙලා රට ගොඩනගන්න ඕනි කියන තැන.රාජිත ඒ උත්සාහයත් සජබ ඇතුලේ ඉඳන් දැරුවා.දරලා බැරිවුන තැන රාජිත රට බංකොලොත්භාවයෙන් මුදාගත්ත රනිල් එක්ක යන එක අසාධාරණ නෑ.
දැන් විපක්ෂය කියන්නේ රාජිත ඩොලර් අරන් රාජිත ගියා කියලයි.එතකොට ආණ්ඩුවෙන් සජබයට එන අය එන්නේ බොහොම සද්භාවයෙන්.සජිත්ට අනුව ගෝඨාභයත් එක්ක රට බංකොලොත් කරීමට වගකියන්න ඕනි නාලක ගොඩහේවා ඇවිත් තියෙන්නෙත් රට හදන්න.ඔය වගේ විග්‍රහවලට අහුවෙලා තවමත් සජිත් පස්සේ දුවන සජබ සාමාජිකයන් කියන්නේ මොන තරම් වැඩවසම් ජාතියක් වෙන්න ඕනිද?
Lanka Newsweek © 2024