කුරුනෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු ''මානුෂීය ජනතා සංධානය'' ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තීරණය කර තිබේ.
දේශපාලන පක්ෂ 24ක් ද, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ද ඇතුළු බලවේග රැසක් නියෝජනය කර මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රබලයින් පිරිසක් ද, සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්වරුන් ප්‍රධාන පිරිසක් ද අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අඟහරුවාදා (16) විශේෂ සාකච්ඡාවක ද නිරත වූහ.
1994 ජනාධිපතිවරණයෙන් පසුව සිංහල - දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ශ්‍රී ලාංකීය ජනතාවගේ ආශිර්වාදය යටතේ ජනාධිපති ධූරයට පත් වන ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා වන බව සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මෙහිදී අවධාරණය කළේය.
රටේ සියලුම ජනතාවගේ හදවතේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වී ඇති බවත් වර්තමාන දේශපාලන නායකයින්ගෙන් සියලුම ආගම්වලට සහ සියලුම ජාතීන්වලට එකලෙස සලකන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එම සාකච්ඡාවට එක් වූ සියලු දෙනා කළහ.
Lanka Newsweek © 2024