සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකු කැඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී තිබේ.
මේ අනුව 2024.07.29 වැනිදාට පෙර ජනාධිපතිවරයා අදාළ මන්ත්‍රීවරුන් 25 කැඳවා ගත යුතු අතර එසේ නොවුණ හොත් සිය පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවය.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති හතරත්-හයත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Lanka Newsweek © 2024