“LTL” මුල්‍ය අධ්‍යක්ෂක රවීන්ද්‍ර පිටිගල ඒකාබද්ධයත් එක්ක ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක..!

Spread the love

“LTL” ප්‍රධානීන් “විමල්-මහින්දානන්ද” හොරෙන් හමු වෙලා..!

ආණ්ඩුවටයි-විදුලි බල ඇමතිටයි පහර දෙන්න උපදෙස් දී ලා..!

කුමන්ත්‍රණය පිටු පස පාඨලී චම්පිකත්..!

කරූට එරෙහිව සාගල  “LTL” රැක්ක හැටි..!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) ආයතනය ජාතික විදුලි බල අර්බුදයෙන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විදුලි බල,බල ශක්ති  සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක යෙදී සිටියි.

ඊට හොඳම උදාහරණය ලංකා ට්‍රාන්ස්ෆොර්මර්ස් ලිමිටඩ් ආයතනයේ විධායක මුල්‍ය අධ්‍යක්ෂක රවීන්ද්‍ර පිටිගල සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක එම.ජේ.එම්.එන් මරික්කාර් යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාව බ්‍රහස්පතින්දා (28) රාත්‍රියේ කොළඹදී හොර රහසේ හමුවී ආණ්ඩුවට සහ විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතාට පහරදීම සඳහා අවශ්‍ය උපදෙස් සහ තොරතුරු ලබාදීමය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවේදී සිකුරාදා (29) ජාතික විදුලි බල අර්බුදය දඩමීමා කර ගනිමින් අගමැතිවරයාට,ආණ්ඩුවට සහ රවී කරුණානායක මහතාට නිර්දය ලෙස පහර දුන්නේ මේ “LTL” ආයතනයේ  විධායක මුල්‍ය අධ්‍යක්ෂක රවීන්ද්‍ර පිටිගල සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක එම.ජේ.එම්.එන් මරික්කාර් යන මහත්වරුන්ගේ උපදෙස් මත බව “lankanewsweek” ඉතාම වගකීමෙන් යුතුව හෙළිදරව් කර සිටියි.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග තහවුරු කර කියා සිටියේ ඒ අයට ලැබී තිබෙන අභ්‍යන්තර සහ රහස් තොරතුරුවලට අනුව, විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයට එරෙහි මේ “LTL” දේශපාලන කුමන්ත්‍රණය පිටු පස සිටින්නේ මහා නගර සභා සහ බස්නාහිර පළාත සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බවය.

“LTL” ආයතනය,එහි සභාපති යූ.ඩී ජයවර්ධන,විධායක මුල්‍ය අධ්‍යක්ෂක රවීන්ද්‍ර පිටිගල සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක එම.ජේ.එම්.එන් මරික්කාර් යන මහත්වරුන් සමග පාඨලී චම්පික රණවක සහ සාගල රත්නායක යන මහත්වරුන්ට  අතිශය සමීප සම්බන්ධයක් තිබේ.

රවීන්ද්‍ර පිටිගල මහතා සාගල රත්නායක මහතාගේ එකම පංතියේ පාසල් මිතුරෙකු වන අතර ඔහුගේ දේශපාලන කටයුතු සඳහා “LTL” ආයතනය සහ රවීන්ද්‍ර පිටිගල මහතා ඇතුළු එහි බලධාරීන් විශාල වශයෙන් මුල්‍ය අනුග්‍රහය දක්වයි.

ඒ ඒ ව්‍යපෘති සහ වැඩ කටයුතු වෙනුවෙන්  “LTL” ආයතනය විදුලි බල මණ්ඩලය වෙත ඉදරිපත් කර තිබූ පිළිගත නොහැකි සහ අනුමත කළ නොහැකි රුපියල් කෝටි ගණනක මුදලක් නිදහස් කිරීම 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ එවකට විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කරු ජයසූරිය මහතා අත්හිටුවා තිබිණ.

එවකට විදුලි බල සහ බල ශක්ති නියෝජය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේ සාගල රත්නායක මහතාය.

සාගල රත්නායක මහතා වැඩ බලන විදුලි බල සහ බල ශක්ති අමාත්‍යවරයා ලෙස පත් කර කරු ජයසූරිය මහතා විදේශ ගත වූ අවස්ථාවකදී ඔහු කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අල්ලා ගෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගනිමින් සිය පාසල් මිත්‍රයා වෙනුවෙන් “LTL” සමාගමට එම අති විශාල මුදල නිදහස් කර දීමය.    

පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාලන කටයුතු සඳහා මේ ආයතනය සහ එහි සභාපතිවරයා ඇතුළු බලධාරීන් විශාල මුල්‍ය අනුග්‍රහයක් ලබා දෙන අතර ඔහු  පදිංචිව සිටින නිවසේ නවීකරණ කටයුතු සඳහා අත හිත දුන්නේ ද මේ සමාගම වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට අනුව, කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගා වොට් 300ක ධාරිතාවයෙන් යුක්ත ද්විත්ව චක්‍රීය වායු බලාගාරයක් පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගෙන ඉදිකිරීමට කළ සැලසුම සම්බන්ධයෙන් මතුවූ අර්බුදය සොයා බලා වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ විශේෂ කමිටුවට පාඨලී චම්පික රණවක මහතා ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කළේ ද “LTL” සමගම සහ පාඨලී චම්පික රණවක මහතා අතර පවතින මේ සමීප සම්බන්ධතාවය නිසාය.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කළ “ලක්දනවි” යනු “LTL” ආයතනය අනුබද්ධිත සමාගමක් වන අතර  “LTL” යනු ලංකා විදුලි බල මණ්ඩලයට 63% ක කොටස් අයිතියක් තිබෙන සමාගමකි.

ලංකා විදුලි බල මණ්ඩලයට “LTL” සමාගමේ 63%ක කොටස් අයිතියක් තිබුණත් එම සමගම සහ ඊට අනුබද්ධ සමාගම් උපාය ගන්නා රුපියල් කෝටි ගණන් ලාභාංශවල ප්‍රතිලාභ විදුලි බල මණ්ඩලයට හිමි නොවන අතර “LTL” සහ ඊට අනුබද්ධ සමාගම්  රජයේ විගණනයට බඳුන් වීමද එහි බලධාරීහු වළකති.

විදුලි අර්බුදය සහ පසුගිය මිලදී ගැනීම් සම්බන්ධයෙන්  2016 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී, විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම පිළිබඳ අදහස් දක්වමින් එම මණ්ඩලයට 63%ක අයිතිය ඇති ලංකා ට්‍රාන්ෆෝමර්ස් ලිමිටඞ් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් උපයන  අයුතු ලාභය ගැන ද, ඒ වගේම ඊට අනුබද්ධ සමාගම් වන Esot සමාගම සහ එල්.ටී.එල් ප්‍රොජෙක්ට් සමාගම්හි අධ්‍යක්ෂවරුන්ගේ අදායම් සහ  වත්කම් පිළිබඳව ද වහාම  සොයා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කර සිටියේ මේ පසුබිම මතය.

 “LTL” සමාගම අයුතු ලාභයක් උපයමින් එමගින් කරන දේශපාලන කුමන්ත්‍රණ සහ එම සමාගමේත් එහි බලධාරීන්ගේත් සල්ලිවලට ඒ අය රකින දේශපාලනඥයන් වගේම පාඨලී චම්පික රණවක සහ සාගල රත්නායක යන මහත්වරුන්ට එම සමාගම සමග තිබෙන සම්බන්ධය පිළිබඳ තවත් තොරතුරු “lankanewsweek” අපි හෙට අනිද්දාම හෙළි කර සිටින්නෙමු.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*