Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම NCE අපනයන විශිෂ්ටතා සම්මාන දිනයි


2019-07-03 1893

ශී‍්‍ර ලංකාවේ කාබනික කොම්පෝස්ට් පොහොර අපනයනය කිරීමේ ප‍්‍රමුඛතම සමාගමක් වන ෆැනෑම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සංවිධානය කළNCE අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික අගය එකතු කළ නිෂ්පාදන අපනයන ක්‍ෂෙත‍්‍රයේ ධීවර කටයුතු සහ පශු සම්පත් අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. 1986දී ඇරැුඹූ මෙම සමාගම පසුගිය වසර කිහිපයේදීම කාබනික කොම්පෝස්ට් පොහොර අපනයනය කිරීමේ අංක එකේ සමාගම විය. මෙරට  ඉතිහාසයේ පළමු පශු සම්පත් අපනයනය 2015දී මාලදිවයින් ධීවර කටයුතු හා කෘෂිකාර්මික අමාත්‍යාංශය වෙත ඔවුන්ගේ ඉල්ලීම පරිදි සිදු විය. එ් අනුව පළමු වරට 2015දී එළුවන් 6ක්ද, 2016දී එළුවන් 10ක්ද මාලදිවයිනට අපනයනය කළ  අතර 2017 නිමවීමට පෙර තවත් එළුවන් 20ක් අපනයනයට සියලූ කටයුතු සූදානම් කරමින් ඇත.

 

එමෙන්ම මෙම සතුන් යවන ලද්දේ සතුන් අභිජනනය සඳහා වීම සුවිශේෂත්වයයි. මෙමගින් ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමට නව මංපෙත් විවර විය. 2015 දක්වාම ඉන්දියාවෙන් එළුවන් ආනයනය කළ මාලදිවයින ශ‍්‍රී ලංකාවේ සතුන්ගේ නිරෝගීබව ප‍්‍රත්‍යක්ෂ කර තම රටේ සතුන් බෝ කිරීමේ හා නිෂ්පාදන ක‍්‍රියාවලියට මෙරටින් සතුන් ආනයනය කිරීම ඇරැුඹීය.  මාලදිවයිනට එළු කිරි සහ එළ කිරි ආනයනය කළද නැවුම් එළු කිරි නිපදවීම ඔවුන්ගේ පරමාර්ථයයි. එළ කිරි නිපදවීමට මාලදිවයිනට ගවයන් අපනයනයටද මේ වන විට ඔවුහු කටයුතු සූදානම් කරමින් සිටිති. කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ, තවාන් පැල, පළතුරු හා සෙවන දෙන ශාඛ, බීජ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය, කාබනික පොහොර ආදිය  සමාගමේ අනෙකුත් අපනයනයන්ය. සමාගමේ අධ්‍යක්ෂ ටී. එෆ්. එන්. අමිත් මහතා පැවසුවේ සමාගම ලැබූ සම්මානය සියලූ සේවක සේවිකාවන් එක්ව ලැබූ සාමූහික ජයග‍්‍රහණයක් බවය.

Advertiesment