Thursday 19th of September 2024

English Tamil
Advertiesment


රට බංකොලොත් කළ රාජපක්ෂලා එක්ක කේක් කන්න ජනපතිට ලැජ්ජා නැද්ද..? 


2023-11-21 14315

 

ලක්ෂ 220ක් වූ ජනතාවට තුන් වේල පිරිමහ ගන්න විදිහක් නැහැ

 

ජනතාව හාමතේ-ජනපති සවුදිය පුරනවා  

 

මේ පාලකයින්ට මේ ජනතාව ගැන හැඟීමක් නැති වීම පුදුම සහගතයි

 

විපක්ෂ නායක අවධාරණය කරයි  

 

 

2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයා කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, බෙම්මුල්ල, බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් කවුරුන්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ එහි බුද්ධි මණ්ඩපයට හැකි වූ බවත්, ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ නීතීඥයින් දැඩි වෙහෙසක් දැරූ බවත්, මීළඟට ඇත්තේ රටේ ආර්ථිකය බිඳ දමමින් ලක්ෂ 220ක් වූ ජනතාවගේ මූලික අයිතීන් විනාශ කළ මේ පිරිසගෙන් ඒ සඳහා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

තොරතුරු අපි ළඟ තිබෙනවා යැයි ද, එමනිසා හොරු අල්ලන්නට අපට බලය දෙන්නැයි කියමින් ද කතා පවත්වනු වෙනුවට විපක්ෂයේම සිටිමින් හොරුන් කවුරුන්ද, ආර්ථිකය විනාශ කළ ඝාතකයින් කවුරුන්ද යන්න රටටම ඔප්පු කිරීමට සමගි ජන ⁣බලවේගය කටයුතු කළේ, ඒ සඳහා සැලසුම් සහගතව සහ නීතියේ ප්‍රතිපාදන නිවැරදිව හඳුනා ගත් නිසා බවත්, නිවැරදි සැලසුමක් මත මේ සියල්ල හෙළි කළා සේම ඒ සඳහා වූ ඉදිරි පියවරයන්ද ජනතාව වෙනුවෙන් ගැනීමට තම පක්ෂය සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද ඩොලර් මිලියන ගණනක මුදල් උල්පතක් බවත්, ඒ හරහා අප රටට ලැබෙන මහා මුදල් සම්භාරය සොරා කෑමට වෙනමම ක්‍රිකට් මාෆියාවක් නිර්මාණය වී ඇති බවත්, එම මාෆියාව ද පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළ සමගි ජන බලවේගය මෙම දූෂිත වැඩ පිළිවෙළට ද තිත තැබීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Advertiesment