ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහය දුන් ලොකු ලොකු සමාගම්වලට සිය පළමු අයවැයෙන්ම බදු සහන දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 681ක් අහිමි කර ගනිමින් රට බංකොලොත් කර ජනතාව අනාථ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීහ්ටීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම චෝදනාව එල්ල කර සිටියේ, පාර්ලිමේන්තුවේ දී සිකුරාදා (17) 2024 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේදි අදහස් දක්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
ඇත්ත වශයෙන් අපිත් පුදුම වුණා 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි අයවැය බිලියන 681ක් බදු කැපුවේ ඇයි කියලා. අපි පුදුම වුණා ආණ්ඩුවට ලැබෙන ආදායම නැති කර ගන්නේ ආණ්ඩුවම තමා කියලා. ආණ්ඩු එන්නේ ආදායම වැඩි කර ගන්න. අපිත් කතා කරලා කිව්වා මේක කරන්න එපා කියලා. මේකට හේතුව වෙන කිසිම දෙයක් නෙවෙයි.
ජනාධිපතිවරණයට කලින් මේ ලොකු සමාගම් ඔක්කොම ෂැන්ග්‍රීලා හෝටලයට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂයි කණ්ඩායමක් හම්බ වුණා. පොරොන්දුවක් දුන්නා ගෝඨාභය රාජපක්ෂ දිනනවා, දිනුවාට පස්සේ බද්ද ඉවත් කරන්වා කියලා. ඒකයි හේතුව. ඒ පොරොන්දුව දුන්නේ මොකද ගෝඨාභය මැතිතුමාගේ කැම්පේන් එකට. ජනාධිපතිවරනයට කලින් මේ ඔක්කොම ව්‍යාපාරිකයින් ජනාධිපතිතුමාව හම්බ වුණා. තිරය පිටිපස්සේ ඉල්ලිමක් කරා මේ බද්ද අයින් කර ගන්න. ලොකු ලොකු සමාගම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රචාරක කටයුතුවලට වියදම් කරා. එක සමාගමක් මිලියන දාහක් දුන්නා. මේ බදු ඉවත් කරපු නිසා තමයි ආණ්ඩුව වැටුණේ. වියත් මග කියලා හිටපු අය මොකද්ද කෙරුවේ..?
මෙතන බන්දුල ශූරීන් ඉන්නවා. එදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මේ අයටත් වලංගුයි. මේ ආර්ථික ඝාතනය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වන්න කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කිව්වා. වසරකට කලින් කිව්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ආර්ථික ඝාතනයට වග කියන්න ඕනි කියලා.
යහපාලන ආණ්ඩුව ආපු කාලේ කලින් ආණ්ඩුවේ පාලකයන්ගේ බැංකු ගිණුම් අර ගෙන ඩුබායිවලට ගියා. ඩුබායිවලින් කිව්වා තොරතුරු තියනව නම් ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් පියවරක් ගන්න කියලා. හොර සල්ලි ජාත්‍යන්තරයේ හංගලා තියෙනවා කියල කිව්වට ඒවා ගන්න නම් අපේ රටේ අධිකරණයේ තීන්දුවක් ගන්න ඕනේ. එතකොට ලෝකෙ තියන හැම රටක්ම ඒ තීන්දුව පිළිගන්නවා. නමුත් ලංකාවේ එහෙම වුණේ නෑ. වර්තමාන අග්‍ර විනිශ්චකාර තුමා නීතිපති කාලේ නඩු 31ක් දැම්මා. ඒ නඩු සියල්ල ශුන්‍ය වෙලා තියෙනවා.
මේ තීන්දුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට මගේ ප්‍රණාමය පුද කරනවා. මේ රටේ පාලකයෝ අනීතිකව මුදල් හම්බ කරලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය පණිවිඩයක් දීලා තියෙනවා ඒ පිළිබඳ සොයා බලන්න සූදානම් කියලා. එතකොට මේවට පාර්ලිමේන්තුවේ අත උස්සපු අයට මොකද කරන්නේ..? දඬුවමක් පිළිබඳ මට කියන්න බෑ. මට කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට කඩේ ගියපු සියලු දෙනාම කැලණි පන්සලට ගිහිල්ලා පව් සමා කරගන්න කියලයි. කියමනක් තියෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. වෙන කරන්න දෙයක් නැ.
මේ අය වැය මඟින් සහන දීලා තියෙනවා. අපි නැ කියන්නේ නැ. නමුත් වැට් බද්ද 18% ජනවාරි මාසේ වැඩි කළාම ඒ දිපු සහන සියල්ල වාෂ්ප වෙනවා. මේ ඉදිරිපත් කරලා තියෙන බදු නීතිවලින් බිලියන 1300ක් එනවා. ඒ කරලත් අයවැය හිඟය පියවා ගන්න බෑ. තව ඩොලර් ත්රිලියන 3ක් හොයා ගන්න ඔනේ. කොහෙන්ද හොයා ගන්නේ..? උත්තරයක් නැ.
අලුත් ජනාධිපතිතුමා පත්වුණාම බටහිර රටවල් පැනලා අපිට උදව් කරයි කියලා අපි හිතුවා. නමුත් උදව්වක් හම්බ වුණේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හම්බ වුණේ මිලියන 300යි. ඒකෙන් බාගයක් ඉන්දියාවට, අනිත් බාගෙ බංගලාදේශයට දුන්නා. ඉන්දියාවෙන් ණයට බඩු ගන්න බිලියන 4.5ක් හම්බ වුණා. නමුත් රට ගොඩ ගන්න කිසිම ආධාරයක් හම්බ වුණේ නෑ.
අපේ රට ගොඩ ගන්න නම් දශමවලින් ආධාර ලැබිලා වැඩක් නෑ. අපේ රට ගොඩ ගණන ආයෝජන පිම්මක් තියෙන්න ඕන. 2015 ග්‍රීසිය ඇද වැටුණා. ග්‍රීසිය කියන්නේ බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල. එදා ග්‍රීසියට මුළු යුරෝපයම උදව් කරා. ණය නෙවේ තෑගි ලබා දුන්නේ. ජර්මනිය කෝටි ප්‍රකෝටි ගණන් ග්‍රීසියේ ආර්ථිකයට යෙදෙව්වා. එහෙම කරලත් ඒ අර්බුදයෙන් ගොඩ එන්න අවසර 10ක් ගියා. තවමත් ඉවර නැ. ඒ වගේම අපේ රටේ අර්බුදයත් මම හිතන ආකාරයට වසර ගණනාවකට විසදන්න අමාරුයි. මේක මහා ඛේදවාචකයක්. 49 සිට වසර ගණනාවක් ආණ්ඩු පාලනය කරා. නමුත් මෙහෙම රට බංකොලොත් කරාද..?
ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා ලබා දී ලා පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා. මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇහුවා කොහොමද ආර්ථිකය මෙහෙය වන්නේ කියලා..? එතුමාට උත්තර දෙන්න බැරි වුණා. වෙන රටක ඕක වුණා නම් ඡන්දය පරාදයි. නමුත් අපේ මාධ්‍ය ඒක හැංගුවා.
ආණ්ඩුවට දැන් සල්ලි නෑ කියලා කියන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඡන්දයක් ඉල්ලුවා. ආණ්ඩුව කිව්වා සල්ලි නෑ කියලා. නමුත් දැන් ආණ්ඩුව කියන විදිහට අණ්ඩුවට සල්ලි තියෙනවා.දැන් කියන්න බෑ සල්ලි නෑ කියලා. මේ අයවැය කතාව අපි උසාවියට ඉදිරිපත් කරනවා. අපි අධිකරණයටත් කියන්නේ රටේ ජනතාව දැන් ඡන්ද පිපාසයකින් ඉන්නේ. අපි ඉල්ලීමක් කරනවා දැන් මේක දාලා යන්න. හිටියා ඇති දැන්.
Lanka Newsweek © 2024