Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


අයවැය ඉලක්ක අභියෝගාත්මක බව Fitch Ratings කියයි 


2023-11-15 14342

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සහ අරමුණු  සපු රාගැනීම අභියෝගාත්මක වනු ඇති බව "Fitch Ratings" ආයතනය පවසයි. 

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා යොදවා ඇති රුපියල් බිලියන 450ක ප්‍රතිපාදනය නොමැතිව වුවද, 2024 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 7.1%ක් විය හැකි බවට කර ඇති පුරෝකථනය වෙනස් විය හැකි බව ද, නව දත්ත අනුව එම අයවැය පරතරය තවත් වැඩි වනු ඇතැයි ද "Fitch Ratings" ආයතනය පෙන්වා දෙයි.

ජනපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් වන්නේ, බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 450 සමගින් 2024 දී ශ්‍රී ලංකාවේ අයවැය පරතරය 9.1%ක් විය හැකි බවය. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 330ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ ප්‍රතිචාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමෙන් පසුව වනු ඇති බව ද "Fitch Ratings" කියා සිටියි. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කාල රාමුවේ පැහැදිලි අවිනිශ්චිත භාවයක් තිබෙන බව ද "Fitch Ratings" ආයතනය වැඩි දුරටත් කියා සිටියි. 

Advertiesment