දේශීය සහ ආනයනික මත්පැන් නිෂ්පාදනය ඔස්සේ රජයට ඉහළ බදු ආදායමක් හිමි විය යුතුව ඇතත් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිදු කරන විවිධ වංචා සහගත කූට උපක්‍රම නිසා නියමිත බදු ආදායම එපරිද්දෙන්ම රජයට හිමි නොවන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරින් පවා දැනුම්වත් කළත් නිසි පියවරක් නොගෙන ඇති බැවින් සුරාබදු ක්ෂේත්‍රයේ සිටින ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් සොයා බලා රටට බදු ආදායම් අහිමි කරන හොරුන් කවුද කියා හෙළිදරව් කළ යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (02) යටතේ රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
රජය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නාමයෙන් රටේ ජනතාවගේ කර පිට සෘජු සහ වක්‍ර බදු පටවමින් සිටින මොහොතක මෙවැනි සිදුවීම් ගැන නොසොයා රජය සිදු කරන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව මත තව තවත් බදු බර පටවා ඔවුන්ව පීඩාවට පත් කිරීම බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා VAT බදු වැඩි කළා සේම අනීතික ලෙස තෙවැනි වතාවටත් විදුලි බිල ද වැඩි කළා වගේම සුරාබදු ක්ෂේත්‍රයේ සිදු වන වංචනික ක්‍රියා හේතුවෙන් රජයට අහිමි වන බදු මුදල් සම්බන්ධයෙන් ද රජය කරුණු සොයා බැලිය යුතු යැයි ද අවධාරණය කළේය.
එසේම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මිනිසුන්ට බදු ගැසුවත් අරක්කු සමාගම් වෙත ලබා දී ඇති අනීතික සහන හේතුවෙන් රුපියල් බිලියන 50කට වැඩි සුරා බදු ආදායමක් රටට අහිමි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කර සිටියේය.
දේශීයව නිෂ්පාදන කරන සහ ආනයනික මත්පැන් සඳහා බදු ගෙවා ඇති බවට සහතික කරන ස්ටිකරයක් ඇල විය යුතු බවට 2019 නීතියක් ගෙන ආවත් "Mendis" සමාගම කාලේ බෝතල් ලක්ෂයක මෙම ස්ටිකර් වංචාව සිදු කර ලක්ෂ 300ක් පාඩු කර ඇතැයි ද, මොවුන්ට ගෙන ඇති නෛතික ක්‍රියා මාර්ග කවරේද කියා විමසා සිටින්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ ම විවිධ කණ්ඩායම් 2023 ජනවාරි 18 වැනිදා පවා හොර ස්ටිකර් ගැන සුරාබදු කොමසාරිස්වරයා දැනුම්වත් කළත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ගෙන ඇති පියවර කවරේද කියා ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තව ද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන මන්ත්‍රී නිර්දේශ මත බියර් බලපත්‍ර ලබා දුන්නත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක නොවන පැතිවල විහාරස්ථාන ආසන්නයේ පවා බියර් බලපත්‍ර ලබා දී ඇති බවත් සමහර පුද්ගලයන් රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් මෙවැනි බලපත්‍ර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජය වෘත්තීයවේදීන්ට විශාල ලෙස බදු ගැසුවත් අරක්කු සමාගම්වලට බදු ගැසීමට පැකිලෙන බවත් ඊට අමතරව බදු පැහැර හරින සහ වංචා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බිය වි ඇති බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අහිමි වූ බදු නැවත අය කර ගැනීම සහන ක්‍රමවේදයකට ක්‍රියාත්මක නොකරන ලෙසත් එසේ ක්‍රියා කිරීම වංචාවක් බවත් බදු නොගෙවන මත්පැන් සමාගම්වලින් අය විය යුතු මුදල වහා අය කර ගත යුතු බවත් අවධාරණය කළේය.
තවද සීනි බදු වංචාව නිසා අහිමි වූ කෝටි 100ක බදු ආදායම සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය බවත් මේ මොහොත වන තුරු ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත්තේ මේ රජය දිනවන්න එම සමාගම් සහාය ලබා දීම නිසා බවත් මෙහි දී සිදුව ඇත්තේ ගජමිතුරු කුමන්ත්‍රණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් පැවසීය.
Lanka Newsweek © 2023