මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය සහ දූ දරු පරපුර බිලි ගනිමින් දැඩි ව්‍යසනයක් බවට පත් වෙලා. ඊට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වනවා. වත්මන් රජයට ඊට විසඳුමක් නැහැ. එහෙත් සමගි ජන බලවේග රජයක් යටතේ සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ගෙන එන්නට අප කටයුතු කරනවා" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල වැඩසටහනේ 38 වැනි අධියර යටතේ ගම්පහ, මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මත්කුඩු ජාවාරම්කරුවන් බේරා ගැනීමට විවිධ මෙහෙයුම් පවා වර්තමානයේ දියත් වන බවත්, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් බැවින් එම ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට විශේෂ භට කාණ්ඩයක් නිර්මාණය කළ යුතු බවත්, විදේශ රටවල සිටින පාතාල නායකයින් කප්පම් කල්ලි යොදා ගනිමින් මෙරට ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලා සිටින ක්‍රමයටද තිත තැබිය යුතු බවත්, ඒ සඳහා නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
අධ්‍යාපන තුළ නව දැනුම, තාක්ෂණය සහ භාෂා ඥානය ලබා දෙන ආකාරයෙන් විෂය නිර්දේශවල සුවිශේෂි වෙනස්කම් ඇති කළ යුතු බවත්, මෙරට බිහි වන උපාධිධාරීන්, උගතුන් සහ බුද්ධිමතුන් ලෙස රැකියා පෝලිමේ සිටින ක්‍රමය වෙනුවට, තමන් ලැබූ අධ්‍යාපන සහතික ප්‍රධාන සුදුසුකම කර ගනිමින් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉහළ ආදායමක් ලබන රැකියාවලට යා හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
සෙසු පක්ෂ වගේ සමගි ජන බලවේගය අධ්‍යාපනය යොදා ගනිමින් සටන් පාඨ දේශපාලනයක් අනුගමනය නොකරන බවත්, ජනප්‍රිය සටන්පාඨ කියමින් රටේ අධ්‍යාපන ගැටලු විසදිය නොහැකි බවත් කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, නිර්මාණශීලී වැඩ පිළිවෙළක් සේම අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය යුතු බවය.
Lanka Newsweek © 2024