රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් ළමා හිංසන ක්‍රියාවල නිරතවන්නන් කිසිදු බියකින් තොරව ඊට පෙළඹීම දැක ගත හැකි බවත්, ළමා හිංසනය සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ඇති කිරීම සහ එවැනි පුද්ගලයින් කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සවි බල ගැන්විය යුතු බවත් ඊට සම්බන්ධ පුද්ගයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ, ඒ සඳහා නව නීති ගෙන ඒමට සහ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට විපක්ෂයක් ලෙස උපරිම සහය ලබා දෙන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සිකුරාදා (27) අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් "සක්වල" වැඩසටහන යටතේ 40 වැනි සුහුරු පන්ති කාමරය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ අතර වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ වසර ඇතුළත තෙවැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කර ඇති බවත්, මේ හේතුවෙන් ආර්ථික පීඩාවන් රැසක් හමුවේ දුක් විඳින අසරණ පවුල්වල දූ දරුවන්ගේ ආහාර වෙනුවෙන් යොද වන මුදලින් සහ අධ්‍යාපනයට වෙන් කරන මුදලින් එම වැඩි කළ විදුලි බිල ගෙවා දැමීමට දෙමාපියන්ට සිදුව ඇති බවත් කියා සිටියේය.
රජයේ පීඩාකාරී ආර්ථික පියවරයන් හේතුවෙන් අසහනයෙන්, දරිද්‍රතාවයෙන් උහුලාගත නොහැකි බරක් දරා සිටි ජනතාවගේ කර මත යළිත් බරක් පටවමින් අනීතිකව වැඩි කර ඇති විදුලි බිල යළි වෙනස් කළ යුතුව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
Lanka Newsweek © 2023