Thursday 19th of September 2024

English Tamil
Advertiesment


කතානායක කුමන්ත්‍රණකාරයෙකු යැයි විපක්ෂනායක චෝදනා කරයි


2023-10-19 14308

 

මැතිවරණවලට බිය නිවට අගමැති බොරු ප්‍රචාරය කරමින් ජනතාව මුලා කරනවා  

 

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය විසින් මාධ්‍ය හරහා ජන ගත කිරීමට උත්සාහ කරන බවත්, එවැනි කිසිදු තීරණයකට විපක්ෂ නායකවරයා ලෙස තමා එකඟ නොවූ බවත් පවසන සජිත් ප්‍රේමදාස මහතා, අගමැතිවරය ප්‍රමුඛ රජය විවිධ බොරු කියමින් මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරමින් සිටින බවත් පාර්ලිමේන්තුවේ දී බ්‍රහපතින්ද (19) චෝදනා කළා.

උපාධිධාරීගේ රැකියා ගැටලුව සහ ග්‍රාම සේවා නිලධාරින්ගේ ගැටලුව පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා තමා උපදේශක කාරක සභාවට සහභාගී වූ බවත්, එම වැඩ කටයුතුවලින් අනතුරුව තමා එහි රැදී නොසිටි බවත්, තම සහභාගීත්වයක් නොමැතිව පැවැත්වූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ රැස්වීමට තමා ද සහභාගී වූ බවට මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සැලසුම් සහගත වැඩ පිළිවෙළක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුව සතු වීඩියෝ පටවල සටහන්ව තිබුණත්, අගමැතිවරයා එම දර්ශන හෙළි නොකර විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.

උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරුන් සිදු කළ යෝජනා සටහන්වූ ලේඛණ හැකි නම් සභා ගත කරන ලෙසද විපක්ෂ නායකවරයා මෙහිදී අභියෝග කළේය.

එමෙන්ම තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු නිරන්තරයෙන් පෙනී සිටියේ, ඡන්දය කල් දැමීමට නොව නාම යෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් බවත්, එම මැදිහත් වීම කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමකට සෘජුව හෝ වක්‍රව අනුබල දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි

Advertiesment