Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


පෞද්ගලික ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්


2023-10-15 2327

 

විපක්ෂ නායකගේ මැදිහත් වෙයි 

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් අතර හමුවක් සංවිධානය කෙරිණ. 

එහිදී සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් මෙරට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් 2023 දෙසැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් ද, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් එකිනෙකා මුණ ගැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර, ඒ ඔස්සේ මෙරට ව්‍යාපාරිකයින් පිරිසකට සිය ගැටලු සෘජුවම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය ආයතන වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක් විය.

මෙම මුදල ඔස්සේ National Credit Guarantee Institution සහ මෙරට බැංකු 13ක් හරහා මෙරට කුඩා, ක්ෂුද්‍ර සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය සඳහා සහතිකයක් ලබාදීමට මෙන්ම සහන පොලියකට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ පැවසීය.

මෙරට කඩා වැටුණු ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ගොඩගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහය අගය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 

මෙහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කියා සිටියේ, මින් පෙර නොවූවිරූ පියවරක් තබමින්, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මුහුණ පා සිටින දිගු කාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීමට මෙ⁣වැනි කටයුත්තක් සිදු කිරීම පිළිබඳව විපක්ෂ නායකවරයාට ස්තුතිය කරන බවය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono, එහි පුද්ගලික සංවර්ධන අංශ ප්‍රධානී Santosh Pokharel සහ මුල්‍ය විශ්ලේෂක උරේෂා වල්පිටගම යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Advertiesment