Sunday 10th of December 2023

English Tamil
Advertiesment


ජනපති ගැන ඥානාර්ථ ප්‍රදීපය කිව්ව කතාවට ජනපති මාධ්‍ය ඒකකය උත්තර දෙයි  


2023-10-06 2279

 

2023 ඔක්තෝම්බර් මස 08 වන ඉරිදා දිනෙන් පළ කර ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතු වැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමුව තිබේ.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දෙන ලදී.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බ්‍රහස්පතින්දා (05) දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඒ අනුව, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත. ඒ අනුව, එබඳු පරීක්ෂණ පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් වෙයි.

චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ. රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වේ.

Advertiesment