Friday 20th of September 2024

English Tamil
Advertiesment


තවමත් රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් 


2023-10-04 14311

 

ඒ ගැන IMF වාර්තාව හෙළිදරව් කර තිබෙනවා 

 

IMF දෙවැනි වාරිකය දින නියමයක් නොමැතිව කල් ගියේ ඒ නිසයි 

 

IMF ලබා දී ඇති පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මුළු රටම දූෂණයෙන් වෙලී ගොස් ඇතැයි ද, සුළු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍ර ගත වී ඇතැයි ද, මහා ජන දේපොළ අවභාවිතය කරන දූෂිත පවුල් පාලනය හේතුවෙන් මුළුමනින්ම රට බංකොලාත් වී ඇතැයි ද, මේ රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් යැයි ද විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ IMF ගිවිසුමේ දෙවැනි වාරිකය නොගෙවීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ ගිවිසුමට අනුව දෙවැනි ණය වාරිකය සම්බන්ධ ප්‍රගති සමාලෝචන සාකච්ඡා නිසි තීරණයකින් තොරව අවසන් වී ඇතැයි ද, එම වැඩ පිළිවෙළ නිසි කාර්යක්ෂමතාවකින් යුතුව සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වී ඇතැයි ද, ඒ නිසා එම දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දිනයක් දන්වා නැතැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඒ සදහා ශ්‍රී ලංකා රජය ආදායම් ඉලක්ක සපුරා ගත යුතු අතර දුෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට අදාළ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගත යුතු යැයි ද, මේ සදහා රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින්නේ යැයි ද පැවසීය.

IMF වාර්තාවට අනුව සුබ සාධනය කඩා වැටී ඇති අතර දූෂණ විරෝධී වැඩ පිළිවෙළක්, නීතියේ ආධිපත්‍යයක් සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නොමැති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

IMF හී ඉටු කළ සහ ඉටු නොකළ කොන්දේසි මොනවා දැයි ප්‍රශ්න කර සිටී සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමේ අරමුණින් රජය වෘත්තිකයන්ගෙන් ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් ද, ඉන්ධන, ජලය සහ විදුලි ගාස්තු වැඩි කරමින් ද, සිටින නමුත් මත්පැන් නිෂ්පාදන ආයතන දෙකක් රුපියල් බිලියන 1.7ක බදු පැහැර ඇතැයි ද හෙළි කළේය.

Advertiesment