"අස්වැසුම" වැඩ සටහන ආරම්භ කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් සහ දුප්පත් නොවන පිරිස තහවුරු කර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
එහෙත් රජය සිදු කරන්නේ, රටේ විවිධ ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලබා දුන් මුදල් කිසිදු විනිවිදභාවයකින් තොරව, පුද්ගලයන් ලක්ෂ 20ක් තෝරා ගෙන සිය හිතුමනාපයට අනුව ඔවුන් අතර බෙදා හැරීම බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.
අස්වැසුම හොඳ වැඩ සටහනක් වුවත් එම වැඩ සටහනේ බරපතළ ගැටලු ඇති බවත් අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ බවත් සිහිපත් කර සිටින සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි සහනාධාරය ලබාදීමේදී වුණත් නිවැරදි දත්ත සහ තොරතුරු නොමැතිව දුප්පත් ජන කොටස් තෝරා ගත හොත් එම වැඩසටහන වුවද වැරදි ආකාරයට ක්‍රියාත්මක විය හැකි බව පෙන්වා දෙයි.
ග්‍රාමීය, නාගරික සහ වතු යන අංශවල පවුල් ලක්ෂ 60ක් පමණ සිටින බවත්, ඔවුන්ගේ ආදායම් මට්ටම් පවා වෙනස් බවත් මේ පවුල්වල ආදායම් සහ වියදම් ගණනය කර දුප්පත්කම නිර්වචනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බවත් එවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇති නොකිරීම ආණ්ඩු ගණනාවකින් සිදු වූ බරපතළ වරදක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
Lanka Newsweek © 2023