එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඇමෙරිකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් නිවියෝර්ක් හි "පියරේ" හෝටලයේදී, "ශ්‍රී ලංකාවෙි ආර්ථික අවස්ථා" මැයෙන් වූ වට මේස සාකච්ඡාවක් පැවැත්විණ.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ නිව්යෝර්ක් හි BCIU ව්‍යාපාර කවුන්සිලය මෙම හමුව සංවිධානය කළ අතර ඊට එරට ප්‍රබලම සමාගම් 45 ක් පමණ එක්ව සිටියේය. තවද ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාගම් 18 ක්ද ඊට එක් විය.
වට මේසය ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම ද, ආර්ථිකය ගොඩනැගීම සඳහා දැනට ගෙන ඇති සහ ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවර සේම ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ද කරුණු පැහැදිලි කළේය. ව්‍යාරිකයන්ගේ පාර්ශවයෙන් මතුවූ ගැටලු රැසකට ද පිළිතුරු දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සහ ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හවුල් වන ලෙස ද ආරාධනා කළේය.
ප්‍රබල ඇමෙරිකානු සමාගම් සහශ්‍රී ලාංකික සමාගම් එකට ජාල ගත වීම ද මෙහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට එක්වූ සමාගම්වලින් බහුතරයක් FORTUNE-500 ට අයත්වීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට විදේශ ඇමති අලි සබ්,රි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ජනපති ලේකම් සමන් ඒකනායක සේම පෝට්සිටි සහ ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජයවර්ධන සහ ජනපති උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීහූ එක් වූහ.
Lanka Newsweek © 2023