Sunday 10th of December 2023

English Tamil
Advertiesment


මිහිදන් නොවූ මිනිසා එළිදකී


2023-09-29 1232

 

බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා විසින් රචිත "මිහිදන් නොවූ මිනිසා" කෘතිය එළිදැක්වීම ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා කඳවුරු (රොක් හවුස්) උත්සව ශාලාවේදී බ්‍රහස්පතින්දා (28) පැවැත්විණි.

මෙම ග්‍රන්ථයේ පළමු පිටපත බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා විසින් මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන් වූ අතර අනතුරුව පැමිණි සිටි ආරාධිත අමුත්තන් වෙත ද කෘති පිළිගැන්වීම සිදු විය. හිටපු ශ්‍රී මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා මෙහි  ප්‍රධාන දේශනය සිදු කළේය.

බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර, 2005 වර්ෂයේ ශ්‍රී ලංකා අණ සහ මාණ්ඩලික විද්‍යාලයීය  උපාධිය ලබා ඇත.

බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා තම සේවා කාලයේ දී අණ දෙන නිලධාරි තනතුරු, මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩල තනතුරු, උපදේශක නිලධාරී තනතුරු සේම යුධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක යන තනතුරුවල රාජකාරි සිදු කර ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න, විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් ද එක්ව සිටියහ.

 

 

Advertiesment