සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරැ ජයසූරිය මහතා මෙවර සිය ජන්ම දිනය සමරනු ලැබුවේ යාපනයේ සිටය.
සිය නායකත්වය යටතේ පවත්වා ගෙන යනු ලබන "සූරිය පදනම" මගින් යාපනයේ දරැ දැරියන් උදෙසා සිදු කරනු ලබන සිංහල භාෂා පාඨමාලාව හදාරන තරැණ තරැණියන් විශාල පිරිසක් අතරට ගිය දේශබන්දු කරු ජයසූරිය මහතා ඔවුන් දක්වා ඇති කුසලතා අගය කරමින් ත්‍යාග සහ සහතික පත් පිරිනමන ලදී.
කරු ජයසූරිය මහතා මෙවර යාපනය බලා පැමිණියේ දුම්රියෙනි. බ්‍රහස්පතින්දා (28) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි ඔහු උත්තරදේවී දුම්රියට නැගී සාමාන්‍ය ජනතාව අතරට වී ඔවුන් සමග කතාබහ කරමින් යාපනය දක්වා පැමිණියේය.
දේශබන්දු කරු ජයසූරිය මහතා දින තුනක් යාපනයේ ගත කිරීමට නියමිතය. ඒ අතර තුර ප්‍රදේශයේ ප්රමුඛ ආගමික නායකයන් සේම දේශපාලන සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් රැසක් හමුවීමට ද නියමිතය.
Lanka Newsweek © 2024