ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නිසි කලට වේලාවට පවත් වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.
එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත්, ඉදිරියේදී දී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා සෙසු මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොවන අතර වෙනත් අණපනත් යටතේ තිබෙන රෙගුලාසි බව ද කියා සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියේ කිසිදු මැතිවරණයක් කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රධන රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය.
ඉදිරි අය වැයේදී ජනතාවට කිනම් සහනයක් ලබා දෙනවා දැයි එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, අයවැය සුරංගනා කතා පොත් එකට බැඳ පැත්තකින් තබා සුරංගනා කතාවක් නොවන අයවැය පොතක් රචනා කරන්න තිබෙන බවය.
Lanka Newsweek © 2023