Thursday 19th of September 2024

English Tamil
Advertiesment


කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ 


2023-09-27 14313

 

මෙරට කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ගැටලු රැසකට තුඩු දෙන හේතුවක් බවත්, දේශීය සේම විදේශීය වෙළඳපොල ඉලක්ක කරමින් ග්‍රාමීය නිෂ්පාදන සකස් කිරීමේදී මෙවැනි ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමෙන් නිෂ්පාදකයා සහ ගැණුම්කරුවා අතර ගැටලු අවම කර ගනිමින් අවශ්‍යතාව මත සැපයුම ලබාදෙන වෙළඳපොලක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මාතර, වැලිගම කුඹල්ගම, මැටි ආශ්‍රිත කර්මාන්තවල නිරත ව්‍යවසායකයන් හමුවූ අවස්ථාවේදීය.

සමගි ජන බලවේගය, සෑම ග්‍රාමීය කර්මාන්තයක්ම අපනයන කේන්ද්‍රීය කර්මාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය පරිවර්තනීය වෙනස සඳහා ප්‍රතිපත්තිමාලාවක් සකස් කර ඇති බවත්, දේශීය කර්මාන්තවලින් ජීවිකාව සකසා ගන්නා ජනතාව අතරට පැමිණ ලබා ගන්නා තොරතුරු සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව, මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මූලිකත්වයෙන් යුත් ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට අදාළ නිලධාරින් ගෙන්වා සාකච්ඡා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

Advertiesment