Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


කැබිනට්ටුව තවත් විශාල නොකිරීමට ජනපති තීන්දු කරයි..!


2023-09-21 1482

 

කැබිනට් අමාත්‍ය ධූර තවත් වැඩි කරමින් කැබිනට් මණ්ඩලය විශාල නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව ඔහුගේ සමීපතමයෙක් "lankanewsweek" සමග පැවසීය. 

සිය මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධූර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිගින් දිගටම ඉල්ලීම් කළ ද කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි නොකිරීමේ දැඩි ස්ථාවරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව ද ඔහු සඳහන් කළේය. 

ආණ්ඩුව පෙරළන බවට ආණ්ඩුවේම ඇතැම් මන්ත්‍රීවරුන් අනතුරු අඟවමින් කුමන්ත්‍රණය කරද්දීත්, ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වැඩි නොකිරීමට තීරණය කර ඇත්තේ එසේ කළ හොත් රජය මහ ජන දෝෂ දර්ශනයට ලක් වනු ඇති නිසා යැයි ජනාධිපතිවරයාගේ එම සමීපතමයා කියා සිටියේය. 

ජනතාව අපේක්ෂා කරමින් සිටින්නේ රජය තව දුරටත් වියදම් කප්පාදු කළ යුතු බව ද, එසේ තිබිය දී කැබිනට් මණ්ඩලය තවත් විශාල කළ හොත් ජනතාව නොසතුටට පත් වනු ඇතැයි ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන බව ද පෙන්වා දුන් එම සමීපතමයා මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් විසි දෙකක් පත් කර ඇති නමුත් තවත් කැබිනට් අමාත්‍යවරුන් 8ක් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබෙන බව කියා සිටියේය.

Advertiesment