ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් ද කැඳවා ගෙන ගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා ( 21) පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය සතුටු කිරීමට බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ බදු මුදල් මේ ආකාරයට නාස්ති කිරීම තරයේ හෙළා දකින්නේ යැයි ද කියා සිටියේය.
"අදාළ සංචාරයට අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් රැගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දුෂිතයින් රැගෙන ගියේ කුමකටද..? ජනාධිපතිවරයා ජනතා මුදල් මෙසේ නාස්ති කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය සතුටු කරන්නයි.ජනතාවගේ බදු සල්ලි මේ ආකාරයට නාස්ති කරන්න එපා." යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
Lanka Newsweek © 2023