Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 15 900ක් අවශ්‍යයි 


2023-09-19 1430

 

ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 15,978 ක් අවශ්‍ය වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටින්නේ 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් වන අතර    ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම ගෙවුණු 2023 ජූනි මාසයේ දී රුපියල් 16,089 ක් ලෙසින් සටහන්ව තිබුණි.

2023 ජූලි මාසයේ ඉහත අගයයට අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට රුපියල් 63,912 ක් අවශ්‍ය වනු ඇත.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන අයෙකුට වන අතර එම මුදල රුපියල්  17,233 කි. 2023 ජූනි මාසයේ දී මෙම අගය රු. 17,352 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල් 15,278 ක් වේ. 2023 ජූනි මාසයේ දී මෙම අගය රුපියල් 15,383 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
 

Advertiesment