Sunday 10th of December 2023

English Tamil
Advertiesment


උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත් හඬ නගයි 


2023-09-19 1399

 

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය  කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (19) අවධාරණය කළේය.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම ප්‍රකාශය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමක් වන බවය.  

"ඒ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කළ යුතුයි. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු දෙනාගේ වගකීමක්.උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වැඩි කරන්න. ප්‍රහාරය ගැන  ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ට දඬුවම් කරන්න." යැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.

Advertiesment