Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


පාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ -FBI- 


2023-09-17 1322

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්‍ය බව ඇමරිකවේ FBI ආයතනය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

ඇමරිකවේ FBI ආයතනය ශ්‍රී ලංකා රජයට මේ බව දැනුම් දී තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් FBI ආයතනයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බව ද අලි සබ්රි මහතා කියා සිටියි. 

එම ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බැවින් ඒ පිළිබඳ නැවත විමර්ශන පැවැත්විය යුතු නැති බව රජයේ ද ස්ථාවරය වන බව අලි සබ්රි මහතා පවසයි.

අදාළ ප්‍රහාරය සිදු වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය, ඇමරිකාවේ FBI ආයතනය සහ ඉන්ටපෝල් ආයතනය එක්ව පරීක්ෂණ සිදු කළ බවත් එහි තොරතුරු නීතිපතිවරයාට ලබා දුන් පසු අදාළ තොරතුරු මත විශාල පිරිසකට එරෙහිව නඩු පවරා ඇති බවත් අලි සබ්රි මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

Advertiesment