Sunday 10th of December 2023

English Tamil
Advertiesment


බැසිල් රනිල්ට ඡන්ද ප්‍රතිඵල කියයි


2023-09-17 1381


 
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධව තීරණාත්මක කතාබහක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. 

මෙම සාකච්ඡාවේදී කලින් මහ මැතිවරණය තැබීම ගැනද අදහස් ඉදිරිපත්ව ඇතැයි කියැවේ. කල්තබා මහ මැතිවරණය පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න ගැන දිස්ත්‍රික් මට්ටමින් කරන ලද සමීක්ෂණයක සංඛ්‍යා දත්ත ඇසුරින් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

මෙහිදී වැඩිදුරටත් තත්ත්වය පැහැදිලි කර ඇති බැසිල් රාජපක්ෂ මහතා සන්ධාන ගත වී මහ මැතිවරණයට මුහුණ දුනහොත් ලැබෙන ප්‍රතිඵලයත් තනි පක්ෂ ලෙස මහ මැතිවරණයට මුහුණ දුනහොත් දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන ප්‍රතිඵලය සහ ඒ ඒ පක්ෂ ලබන මන්ත්‍රීන් ගණන ගැන සවිස්තරව කරුණු සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී කලින් පවත්වන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් මුලින් වඩාත් වාසිදායක මැතිවරණය තැබීමට තීන්දුවක් ගෙන ඇතැයි කියැවේ. බොහෝ විට ලබන මාර්තු මාසය වනවිට මේ ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් කැඳවීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි.

 
"දේශය"
Advertiesment