පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා මහත්වරු සාමාජිකත්වය දරති.
2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කළ බව ජනාධිපති කාර්යාලය කියයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොලකරුවකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකුද ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම කැළඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
Lanka Newsweek © 2025