Tuesday 27th of February 2024

English Tamil
Advertiesment


 ලී ක්වාන් යූ ගේ සූට් එක ඇඳපු රනිල්


2023-09-15 1414



 ලිබරල් රනිල් සමාජවාදී කියුබාවේ

 

රනිල් කාන්තා ක්‍රිකට් සෙල්ලමට 

 

මහින්ද සමරසිංහගේ ඇමෙරිකානු ඔපරේෂන්
 

කෙහෙළිය පෙරළන්නට බැරිවූ තැන කාංචන වෙතට

 

ගිණි ගත් රට නිවපු රනිල්ට සහාය දුන්නාට තුති - වරුණ රාජපක්ෂගෙන් චීනෙට සෙටිපිකට්

 

ජනපති e කොංළම

 

 

(අශෝක ජයතුංග ඇමෙරිකාවේ  සිට.)
                   

ජනාධිපති රනිල් මුල් වරට එක්සත් ජාතීන්ගේ සැසියට නිව්යෝර්ක් යාමට  පෙර කියුබා ගියේ G 77 සමුළුව ඇමතීමටය. ඩුබායි හිදී බෙංගලි මහඇමතිනි මම්තා බෙනර්ජි හමුවූයේ අහම්බෙනි. ජනපතිගේ ඇමෙරිකානු නිළ සංචාරය සම්බන්ධීකරණය නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ තානාපති මොහාන් පීරිස් හා එම නිලධාරීන් විසින් හා වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ හා එම  නිළධාරීන් ඉටු කලහ.

ජනාධිපතිවරයා සමුළුව ඇමතීමෙන් පසු තානාපති මහින්ද සමරසිංහ විසින් ඇමෙරිකාවේ ප්‍රධානම බහුජාතික සමාගම් 20 ක ප්‍රධානීන් රැස් කරමින් සංවිධානය කළ දැවැන්ත ආර්ථික සමුළුවට ද එක්වේ. එම සමුළුවට ප්‍රමුඛ ලාංකික ව්‍යාපාරිකයින් 18 දෙනෙක් ද එක්වන අතර එය සම්බන්ධීකරණය කළේ තානාපති සමරසිංහ හා දිනේෂ් වීරක්කොඩි ය. ව්‍යාපාරිකයන් තම වියදමින් සමුළුවට පැමිණෙන අතර රජයේ කිසිදු මුදලක් ඊට වැය නොකර එය සංවිධානය කිරීම ද විශේෂත්වයකි.

එම ආර්ථික සමුළුවට ජනපතිගේ ආර්ථික දැක්ම හා ලංකාවට පැමිණ ආයෝජන හා ව්‍යාපාර කල යුත්තේ ඇයි යන්න ඔහු විසින්ම පැහැදිලි කිරීමට නියමිතය. තවද ලංකාවේ සමාගම් වලට ඇමෙරිකානු සමාගම් සමග සෘජුව ව්‍යාපාර හා ආයෝජන වලට සම්බන්ධවීමට අවස්ථාව උදා වන්නේද මුල්වරටය. තානාපති මහින්ද ගේ ඉල්ලීම මත නිව්යෝර්ක් හි BCIU බිස්නස් කවුන්සිලය සමුළුව සංවිධානය කළේය.

තවද US එ්ඩ් ප්‍රධානී සමන්තා පවර් හා IMF ප්‍රධානී ජෝර්ජියේවා මහත්මීන් හා ජනපති අතර හමුවීම් සංවිධානය කිරීම  තානාපති මහින්ද ගේ නායකත්වයෙන් තානාපති  කාර්යාලය විසින් සිදු කොට තිබේ. මෙම සංචාරයට විදේශ ඇමති අලි සබ්‍රි ජනපති ලේකම් සමන් ඒකනායක කොළඹ පෝටිසිටි හා ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි දේශගුණ විපර්යාස පිළිබඳ ජනපති උපදේශක රුවන් විජයවර්ධන එක්වූහ.

රනිල් රට යාමට පෙර අපේ කාන්තා ක්‍රිකට් පිළ එංගලන්තය පරදා තරඟාවලි ජයක් ලැබුවේය. හැමදාම කන් හැන්දෙන් බෙදු ක්‍රීඩිකාවන්ටත් ක්‍රීඩකයන්ට බෙදන හැන්දෙන්ම බෙදන්නට රනිල් තීන්දු කළේ කාන්තා ක්‍රිකටි උඩුයටිකුරු කරමිනි. රනිල් කෝටිටේ පෙරහැරේ ධාතු කරඬුව තබන්නට ගොස් ජංජාලයක් විය. අට්ටාලයට නැගීමට ඔහුට තහනම් කළේ ආරක්ෂකයන්ය. සාගලට වැඩේ පැවරුනේ පසුවය. "ජනාදිපති නොවැටී සාගල වැටුණත් කමක් නැද්ද" අයෙකු කීවේ සිනා මැදය. "අට්ටාලය හයියයි. මම නගින්නම්" කී රනිල් යස අගේට කරඬුව තැබුවේ සිකුරටි අය මුහුණට මුහුණ බලා ගනිද්දීය.

උපෙළ දක්ෂම දරුවන්ට තෑගි පිරිනැමීම ද රනිල් අතින් සිදු විය. "හදාරන විෂයන් ගැන තීන්දු ගන්නේ අපි නෙවෙයි. ඒක වැරදියි" සිසුවෙකු රනිල් ට අභියෝග කළේය. "ඇමෙරිකාවේ වගේ ඔින දේ ඉගෙන ගන්න පසුබිම හදනවා" ජනපති කීවේ ෂේප් වෙන්නදැයි දන්නේ ඔහුම පමණි.

ඇමති කෙහෙළිය ගේ විශ්වාසභංගය දිනුව ද ඔහු හා ආණ්ඩුව පෙරළීමේ ගේම නැවතී නැත. සෞඛ්‍යට එරෙහි උපවාස ඇරඹුණේ එ තුළය. කෙහෙළිය පෙරළා ගන්නට බැරිවූ තැන තවත් විශ්වාසභංගයකින් ඇමති කාංචන ට වැඩේ දෙන්නට විපක්ෂය සූදානම් වන බව ද ආරංචිය. කෙසේ නමුත් 113 ක් ලබා විශ්වාසභංගය දිනුව ද තම අඩුපාඩු වහාම හදාගත යුතු බවට කෙහෙළිය නිලධාරීන්ට තග දැමූ සෞඛ්‍ය අංශ රහස් හමුවක්  ගැන ද ආරංචිය. "එහෙමවත් හැදෙනව නම් හොදයි" එය ආරංචිවූ රනිල් කියා ඇත්තේ කොක්හඩලමිනි.

විශ්වාසභංගය දිනා සෞඛ්‍ය හා ක්‍රීඩා වෙනස් කිරීමට රනිල් ගේ අදහසක් තිබූ බව ද පොහොට්ටු බලපෑමෙන් එය යටපත්වූ බව ද ආරංචිය. සාගල වජිර රවි පොහොට්ටුව සමග එකට යායුතු යයි බලකිරීම ද ඊට හේතුවක් බව ද කියති.

රටවල් 18 ක පක්ෂ 20ක් එක්වූ චීන විදේශ දෙපාර්තමේන්තු සමුළුවට එජාපය වෙනුවෙන් ජනපති තේරුවේ වරුණ රාජපක්ෂය. "ගිණිගත් රට ජනපති රනිල් නිවුවා. සහාය දුන් චීනයටත් තුති" වරුණ කීවේ ඹල්වරසන් මැදය.

හිටිලර් ට රාජාළියාට ඇදපු රනිල් ලීක්වාන් යූ ට ද ඇඳ දුම්රිය රියදුරන්ගේ කණ රත් කළේය. මීට පෙර තෙල් මාපිfයාවට ද ගේම දුන්විට බොහෝ අය කැමති වූහ. "වෘත්තීය අයිතීන්ට මුවාවෙලා රට වනසන්න දෙන්න බෑ" කපටි නරියා මිදි වැලට අත තබමින් කියා තිබේ. ස්පා වැඩි බව ඩයනා කෑ ගහනවිට ද ඔහු හීන් නූලක් ඇඔරුවේ "ඒවට මන්ත්‍රීලටත් යන්න කියන්න" කියාය.

Advertiesment