ත්රස්තවාදයට සේම අන්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එකතු වී සෑම ජාතියකට සේම ආගමකට අහිත කර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් දේශපාලන පක්ෂ ගෙවුණු වකවානුවේ දී රට පුරා අන්තවාදය වැපුරවූ බවට චෝදනා කරන සජිත් ප්‍රේමදාස මහතා ඊට කිසිසේත් ඉඩ නොදිය යුතු යැයි ද කියා සිටියි.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ල සහිරා විදුහලට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේ දී වන අතර ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය සහ එකමුතු භාවය විනාශ කළ බවට ද චෝදනා කළේය.
යුද ජයග්රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන් ජාතිවාදය ඇවිස්සූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
වඳ කොත්තු සහ වඳ සැත්කම් ආදිය ගැන චෝදනා කරමින් වෛද්‍ය මොහොමඩ් සාෆිගේ වැඩ තහනම් කළ බවත් COVID-19 සමයේ දී ආදාහනය ද භූමදානය ද යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් ඊට විරුද්ධව මහ පාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
Lanka Newsweek © 2024