දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත ප්‍රවීන ජනමාධ්‍යවේදී අශෝක ජයතුංග මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්වීම සිදු කොට තිබේ.
ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන අශෝක ජයතුංග මහතා ලංකාදීප පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු සේම එහි ඉහළ තනතුරු දැරූවෙකි.
දිනපතා "ලංකාදීප" පත්‍රයේ "සදුදා හමුව", "රජ වීදිය" සහ "ඉරිදා ලංකාදීප" පත්‍රයේ "තිරෙන් පිටු පස" යන ප්‍රධාන දේශපාලන කොළම සේම ජනපති-අගමැති-විපක්ෂ නායක ඇතුළු ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා මෙහෙයවූ ලංකාදීපයේ ප්‍රධානතම ජනමාධ්‍යකරුවා වන්නේ අශෝක ජයතුංග මහතාය.
90 දශකයේ මෙරට පැවැති එකම සජීවී දේශපාලන සංවාදය වූ ජාතික රූපවාහිනියේ "ජනමණ්ඩලී" දේශපාලන වැඩසටහන සේම ඊට පසුව ස්වාධීන රූපවාහිනියේ "One to One" සජීවී දේශපාලන සංවාද රැසක් ද ඔහු මෙහෙයවීය.
ඇමෙරිකාවට අමතරව මෙක්සිකෝව සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දෙරට ද අශෝක ජයතුංග මහතාගේ රාජකාරි පතයට ඇතුළත් වේ. තවද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දීම ද ජනපති විසින් ඔහුට පවරා ඇත.
මෑතකදී අශෝක ජයතුංග මහතා ලියූ "ජනපති e කොළම" සියලු දෙනාගේ අවධානයට ලක්වූ සහ ආන්දෝලනයට තුඩු දුන් සමාජ මාධ්‍ය ලිපි පෙළකි.
Lanka Newsweek © 2024