ඕනෑම ප්‍රතිවාදියෙකු සමග තමා ඉදිරි ජනාධිපතිවරණයට නියත ලෙසම තරඟ කරන බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලන නිසා සජිත් ප්‍රේමදාස ඊට තරඟ නොකරන බවට, ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් "ගොබෙල්ස්" න්‍යායට අනුව ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කරමින් සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
"ගොබෙල්ස්" න්‍යායට අනුව මෙම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත ප්රවෘත්ති සමාජ ගත කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තමා එදා ජනාධිපතිවරණයට තරඟ කරන විට ඔහු සමග හොර ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.
මේ අයගේ මනස විකෘති වී ඇතැයි ද, මේ අයට දිය හැකි එකම සහ නිශ්චිත පිළිතුර වන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමා ඕනෑම ප්‍රතිවාදියෙකු සමග ජනාධිපතිවරණය සටනට පැමිණෙන බව යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට මෙම කණ්ඩායම සමාජ ගත කරමින් සිටින ව්‍යාජ ප්රවෘත්ති නිසා තමාට ජීවිත අවධානමක් පවා ඇති වී ඇති නමුත් කිසිදු අවස්ථාවක තමා මරණයට බිය වන නිවටයකු නොවන බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සමඟ "Deal" දමා හෝ හොර ගිවිසුම් ගසා නොමැති බවත් වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2024