විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා යළිත් අවධාරණය කර සිටියි.
ඔහු එක් වරක් කරු ජයසූරිය මහතා බිල්ලට දී, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා තෝරන අවස්ථාවේ දී පැත්තකට වුණේ යැයි ද, දෙවැනි අවස්ථාවේ දී පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන මොහොතේ ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරි පත් කොට පැත්තකට වුණේ යැයි ද, ඒ වගේම තෙවැනි අවස්ථාවේදීත් ඔහු එසේම පලා යන බව තමා ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ යැයි ද පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනට ඉදිරිපත් වන්නේ නැතැයි ද, ඩලස් අලහප්පෙරුම කියන්නේ මහින්ද රාජපක්ෂ එක්ක ආණ්ඩු කළ අයෙකු යැයි ද, උගන්ඩාවේ හෝ වෙනත් රටවල මුදල් දැම්මයි කියන පාර්ශ්ව එක්ක සන්ධාන ගහල සජිත් ප්‍රේමදාස මහතා ගමනක් යන්න හදනවා නම් තව පාරක් හිතල බලන්න කියා ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි ද පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2023