Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


උතුරේ සංවර්ධනයට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහය 


2023-08-27 1653

 

උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER PRAZ)  මහතා පවසයි.

උතුරු පළාතේ සහ එම ජනතාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පැමිණි ඒ මහතා උතුරු පළාතේ ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසූ අතර මෙම හමුව යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.

උතුරු පළාතේ පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සේම ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය.

උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව එහි ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වෙත කරුණු පෙන්වා දුන් අතර එම කටයුතු සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබා දෙන බව එරට තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙහිදී අවධාරණය කළේය.

Advertiesment