Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


ලිසිං වාරික නොගෙවූ පමණින් වාහනයක සන්තකය ලිසිං සමාගමක් වෙත නීති විරෝධි ලෙස අත්පත් කර ගත හැකිද..?


2023-08-23 1253

 

(ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහ)

 

මෙම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී අංක 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනත අදාළ වන අතර එකී පනතේ 20 සහ 21 වන වගන්තින් ප්‍රකාරව බදු ගැනුම්කරු විසින් අදාළ කල්බදු වාරික සම්බන්ධයෙන් පැහැර හැරීමක් කර ඇති අවස්ථාවක එකී මුදල් ගෙවන ලෙස දින 21කට නොඅඩු දැන්වීමක් බදු දිමනකරු විසින් බදු ගැනුම්කරු වෙත යැවිය යුතුවේ.

මේ සම්බන්ධයෙන් බදු ගැනුම්කරු විසින් පියවර ගැනීමක් සිදු කර නොමැති අවස්ථාවක පමණක් අදාළ කල් බදු මුල්‍යකරණ ගිවිසුම අවසන් කර අදාළ වාහනයේ සන්තකය ලබා ගැනීම කල්බදු දිමනාකරු (ලිසිං සමගම) වෙත පහත සදහන් ආකාර දෙක යටතේ ක්‍රියාත්මක කළ හැකිය.

(අ) අධිකරණය මගින් සන්තකය ආපසු ලබා ගැනීම.

(ආ) ප්‍රතිවිරෝධයක් ඉදිරිපත් නොවන අවස්ථාවන්හිදී පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව අදාළ වාහනයේ සන්තකය ලබා ගැනීම.

ඉහත (අ) ඡේදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ කල්බදු දිමනාකරු (ලිසිං සමගම) විසින් (අ) අදාළ වාහනය පවතින ප්‍රදේශය තුළ පිහිටි පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත මේ හිමිකම සම්බන්ධයෙන් දැනුම්දීම .  

(ආ) අදාළ අයිතිවාසිකම ක්‍රියාත්මක කරලීමේදී සාමය කඩවීමක් වලක්වාලීම සදහා එකී පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සහය ලබා ගැනීම.

(ඇ ) ඒ යටතේ අදාළ වාහනයේ සන්තකය දරන්නා ප්‍රතිවිරෝධය පෑමක් නොකරන්නේ නම් අදාළ වාහනයේ සන්තකය  අදාළ කල්බදු ලිසිං සමාගමට ලබා ගත හැකිය.  

නමුත් අදාළ පරිදි වාහනයේ සන්තකය ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිවිරෝධය පෑමක් සිදු වූයේ නම් පොලිස් නිලධාරියාට ද තම බලය යොදා එකී වාහනයේ සන්තකය බදු දීමනා ගත් සමගම වෙත ලබා ගැනීම සදහා සහය වීම කිසි සේත්ම සිදු කළ නොහැකි වන අතර, ඔහුගේ එකම රාජකාරිය වනුයේ සාමය කඩවීම වැලැක්වීම පමණය.

තවද විශේෂයෙන් සදහන් කළ යුතු වන්නේ බදු ගැනුම්කරුගේ ප්‍රතිවිරෝධය පැවතියදී බලහත්කාරයෙන් එකී සන්තකය දරන්නා මහා මග ඇද දමා එකී වාහනයේ සන්තකය ලබා ගැනීම හෝ පෞද්ගලික පරිශ්‍රයක් වෙත එම අයගේ අවසරයකින් තොරව ඇතුළු වී බලහත්කාරයෙන් එකී වාහනයේ සන්තකය ලබා ගැනීම හෝ සන්තකය දරන්නා වෙත දැනුම් දීමකින් තොරව යම් ස්ථානයක අදාළ රථය නවතා තිබියදී හොරෙන් එම රථය රැගෙන යාමට කිසිදු හිමිකමක් බදු දිමනාකර සමගම වෙත ලබා දී නොමැත. 

එවැනි අවස්ථාවක දී අපරාධ වැරදි වන අයුතු ලෙස ඇතුළුවීම, අයුතු ලෙස තුවාල සිදු කිරීම, බලහත්කාරයෙන් ලබා ගැනීමට පමණක් නොව සොරකම හෝ මංකොල්ල කෑම නැමැති වැරදිද සංස්ථාපනය වීමක් සිදුවීම. තවද මෙහිදී තවත් විශේෂම කරුණක් නම් අනීතික ක්‍රමවේදයක් මගින් වාහනයේ සන්තකය ලබා ගැනීම සදහා අදාළ කල්බදු සමාගමේ නිලධාරීන්  උපදෙස් ලබා දී ඇත්නම්  ඔවුනට එරෙහිවද නඩු පැවරීමට පැමිණිල්ල සතුව හැකියාව ඇත. තවද මේ සම්බන්ධයෙන් සිවිල් නිතිය යටතේ අදාළ අලාබ හානි සිදුවී ඇත්නම් වන්දි ලබා ගැනිමේද හැකියාව ඇත.

(0714278375)
Advertiesment