Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ජලනිව පුම්බන්නැයි ලකී සජබ මාධ්‍ය ඒකකයට තර්ජනය කරලා  


2023-07-21 8905

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මියට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් ඇයගේ ප්‍රතිරූපය ගොඩනංවන ලෙසට ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයට බලපෑම් කර තිබේ.

ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා තමා ඕනෑ තරම් සල්ලි වියදම් කරන්නම් යැයි කිය කියා ලක්ෂ්මන් ෆොන්සේකා මහතා දිගින් දිගටම සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ වැඩ කටයුතුවලට ඇඟිලි ගසමින් බලපෑම් එල්ල කළ බව එම මාධ්‍ය ඒකකයේ හිටපු මාධ්‍ය ක්‍රියාකාරීහූ පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.  

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන් මහතා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙකු ඔහු අතහැර ගියේ ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගෙන් එල්ල වන මෙම බලපෑම සහ පීඩනය දරා ගත නොහැකිව බව ද ඔවුහූ වැඩි දුරටත් කියා සිටියහ.

Advertiesment