Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


සජිත්ගේ මාධ්‍ය ලේකම් ද ඔහු හැර යයි 


2023-07-16 3289

 

තවත් මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙක් ආණ්ඩුවට එක් වෙති 

 

සජබ මාධ්‍ය ඒකකය දෙදරයි 

 

හේතුව ජලනි ප්‍රේමදාසගෙයි-ලක්ෂ්මන් ෆොන්සේකාගෙයි බලපෑම් 

 

 

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් රංජිත් සමරකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී ගෙදර ගොස් තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අමනෝඥ ක්‍රියා කලාපය සහ ජලනි ප්‍රේමදාස මහත්මිය ඉදිරියට ගනිමින් ඇයට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසට ලක්ෂ්මන් ෆොන්සේකා මහතා කරන බලපෑම්ය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම අමනෝඥ ක්‍රියා කලාපය ද, ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා පක්ෂයට කරන බලපෑම්-ඇඟිලි ගැසීම් මධ්‍යයේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකයේ තවත් මාධ්‍ය ක්‍රියාකාරීන් දොළොස්දෙනෙකු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන ඇමතිවරුන් මාර්ගයෙන් ආණ්ඩුවට එකතු වී තිබේ.  

Advertiesment